සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
මිරිස් කුඩු ගැසීම, මැතිසබේ දේපලවලට හානි කිරිම කතානායකවරයාට තර්ජනය කිරිම පොලිස් නිලධාරින්ට පහරදීම යනාදී මැතිසබේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට විරුද්ධ චෝදනා එල්ලවී තිබෙන බව මේ සිද්ධින් පිළිබඳව විමර්ශන පැවැත්වූ පාර්ලිමේන්තු කමිටු වාර්තාවේ සඳහන් වෙයි.
පාර්ලිමේන්තු කමිටු වාර්තාව කතානායක කරු ජයසුරිය මහතා විසින් පාර්ලිමේන්තුවට අද (22) ඉදිරිපත් කෙරිණි.
චෝදනා එල්ලවී ඇති මන්ත්‍රිවරුන්ගෙන් වැඩි පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ අයයි. එම සංඛ්‍යාව 54 කි.
මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට ද මෙම වාර්තාව මගින් චෝදනා එල්ල වී තිබේ.
වාර්තාවේ දැක්වෙන අන්දමට වැඩිම චෝදනා ප්‍රමාණයක් එල්ලවී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාටයි. චෝදනා සංඛ්‍යාව 16 කි.
ඊට පසුව වැඩිම චෝදනා ගම්පහ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි පුසන්න රණවීරට විරුද්ධව එල්ලවී තිබෙන අතර ඒම චෝදනා ගණන 12 කි.
මෙයට අමතරව එකස්ත් ජනතා නිදහස් සන්ධානයේ විමල් වීරවංස මන්ත්‍රිවරයාට චෝදනා 10 ක් ද පද්ම උදයශාන්ත ගුණසේකර, ප්‍රියංකර ජයරත්න හා ඉන්දික අනුරුද්ධ, ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරුන්ට චෝදනා 9 බැගින් ද එස්.එම්.චන්ද්‍රසේන මන්ත්‍රීවරයාට චෝදනා 8 ක් ද මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා 7 ක් ද එල්ල වි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරාතිරම පක්ෂ පාට, නෑකම්, හිතවත්කම්... සහෝදර කම්, පැරණිකම්, ජ්‍යෙෂ්ඨකම්, නායකකම්... නොතකා රට රටේ අනාගතය ගැන හිතලා ඉදිරියට මෙවැන්නක් නොවන්න නීතිය තදින්ම අකුරට ක්‍රියාත්මක කළයුතුයි. ඩීල් එපා... ජනතාව අවධියෙන් ඉදිරියේ මැතිවරණයෙන් ජනතාව ප්‍රතිචාර දක්වයි... මෙය පවතින රජයට දැඩි, අභියෝගයක්..?
ජනතාවට සේරම එපා වෙලා
රජයෙන් අවධාරණයෙන් ඉල්ලා සිටින වගයි. වැඩිහිටියකුට අතිශය නීච නින්දිත විදිහට ප්‍රහාර එල්ල කළ.. මුළු ලෝකෙටම පෙනෙන්න අශෝභන විදිහට නාඩගම් නටපු … රටේ හැම දෙනාටම වැරදි ආදර්ශයක් ලබා දුන් .... අදාළ දඬුවම් ලබා නොදී…. ඡන්ද ඉල්ලගෙන නම් ආයෙත් අපි ළඟට එන්න එපා !
මේ විදියේ මදාවිකම් කරමින් මහජන මුදලින් බඩ ගෝස්තර පුරවා ගැනීම සඳහා යළිත්වරක් පාර්ලිමේන්තුවට ඇතුල් වීමට ඉඩ නොදෙන්න. එය ඡන්දදායකයන්ගේ කතිරයෙන් සිදුවන දිනයට තව කල් තිබේ. ඒ දිනය එනතුරු පාර්ලිමේන්තු සම්ප්‍රදාය, නීතිය අනුව මේ අයට දිය යුතු උපරිම දඬුවම් ලබාදීම පක්ෂ විපක්ෂ නායකයන්ගේ වගකීමයි!
උත්තරීතර ආයතනයට හානි කල අයව අවුරුදු 5 කට වැඩියෙන් හිරේ යවන්න ඕන ආයෙමත් ඡන්දෙ ඉල්ලන්න බැරි වෙන්න.
පරීක්ෂණ අවසන් වනතුරු මොවුන්ට පාර්ලිමේන්තුව තහනම් කළ යුතුයි.
අසංවර මදාවියන් මෙන් උත්තරීතර පාර්ලිමේන්තුවේ හැසිරී දේපලවලට අලාභ කළ මේ අයට උපරීම දඬුවම් ලබාදීමෙන් ඡන්ද දායකයින්ගේ බලාපොරොත්තු ඉටු කළ හැකිය.
ඔයාලට නම් ඡන්දයක් නැහැ.
අපේ ගවල්වල හිතපු පොඩි දරුවන් පවා මෙම නින්දිත හැසිරීම දැක අපිටත් ලැජ්ජයි. මුළු ලෝකෙම දෙකක් නිසා මේවට දඬුවම් දෙන්න හදනකොට මේවා පාර්ලිමේන්තුවේම විසඳගන්න ඕනේ කියලා.... පොතක් දානවා. හැම වෙලාවේම සෙන්කෝලේ උස්සගෙන දුවනවා. හරක් වගේ සංයමයක් තියෙන්න ඕනේ මහජන මුදලින් පඩි ගන්න කට්ටියට මේ අවස්ථාවේ උසාවියෙන් නියම දඬුවම් නොදුන්නොත් විහිළුවක් වෙනවා..
කතානායක මේසයේ තිබුණු මයික්‍රොපෝනය කාලකන්නි මුහුණක් තිබුණු කෙනෙක් කඩන හැටි දැක්කාම ඇත්තටම මේ වගේ නූගත්තු පාර්ලිමේන්තුවට එවන අය ගැන අනුකම්පාවක් දෙනුණා...
කෝ අර බමුණා...?
මේ මිනිස්සුන්ට නඩු දාන්න... නොදැම්මොත්, ලබන වාරේ මේ මිනිස්සුන්ව නැවත පත්කරගත්තත් මේ ආණ්ඩුවේ ඉන්න කාටවත් ඡන්දය නොදිය යුතුයි.
මහා නින්දිත වැඩක් එදා සිදුවුනේ.. නූගත් මොවුන්ට පක්ෂ පාට නොබලා දඬුවම් දෙන්න ඕනේ... ලැජ්ජයි මුළු රටටම...
මේ පුද්ගලයන්ට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී නාම යෝජනා දුන්නොත් දුන්න නායකයා ගැන අපි බලාගන්නම්. බයිලා කියලා අපිව ගොනා කරන්න ගිහින් වරද්දගන්නත් එපා...
ගැටුම නිර්මාණය කල කරුනාරත්න ජයසූරිය...?
විශ්‍රාම වැටුප අහිමිකිරීම කළානම් හොඳටම ඇති, නිකන්ම හැදෙනවා.
මේ කලබගෑනිය විදේශ රටවල රූපවාහිනියෙනුත් ප්‍රචාරය වුණා. රටට අත් වුණු අපකීර්තිය අප්‍රමාණයි. අරයා, මෙයා තමයි මේකට මුල් වුනේ, එයා තමයි පටන් ගත්තේ කියන්න මේක මොන්ටිසෝරි ගුස්තියක් නෙවෙයිනේ. මම නම් කියන්නේ ජීවිතාන්තය දක්වා පාර්ලිමේන්තුව තහනම් කරන තරමට හොඳයි...
මෙම සිද්ධියේ වැඩිම වැරදිකළ අය සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් නැහැ කියනවනේ. එයින්ම පේනවා පාර්ලිමේන්තු මන්ත්‍රීකෙනෙක් වෙන්න අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යයි කියලා. එ් නිසා දැන්වත් ජනතා නියෝජිතයන් ලෙසට ඉදිරිපත් වෙන අයට අධ්‍යාපන සුදුසුකම් නියම කරන්න. මෙය පළාත්පාලන ආයතන සඳහා උසස්පෙළවත් සමත්වීමත් පළාත්සභා සඳහා සාමාන්‍ය උපාධියක් හා පාර්ලිමේන්තුව සඳහා පළමු පෙල උපාධියක්වත් ලෙසට නියම කළ යුතුයි.
එතනෝල්, කසිප්පු කාරයන් සහ කුඩ්ඩන් පාර්ලිමේන්තු යැව්ව ජනතාවම තමයි මේවට වග කියන්න ඕනේ... පෙනෙන්නේ නැද්ද? කුඩු මුදලාලිළාව තමයි වැඩිම මනාපෙන් තෝරන්නේ.
ලෝකේ අටවැනි පුදුමය කියන්නේ.... එදා ඒ හැසිරීම් අගය කරලා, අනුමත කරලා අද එක අම්බරුවෙක්වත් මේ අදහස්වලට එරෙහිව ඩිස්ලයික් පෙන්වලා නැති එකයි.
හිරේ දාන්න ඕනේ මේ මන්ත්‍රීවරු නෙමෙයි. මේ ගොල්ලන්ව පාර්ලිමේන්තුවට යවන්න ඡන්දය දීපු ඡන්ද දායකයින්ව හොයලා ඒ අයගේ ඡන්ද අයිතිය අහෝසි කරන්න ඕනේ මෙතරම් පහත් මානසිකත්වයක් තියෙන මිනිස්සුන්ට ඡන්දය දුන්නට...
වරප්‍රසාද වලට මුවාවී කරන මේ නොපනත්කම් වහා නැවත්විය යුතුය පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි පළාත් සභා නගරසභා ප්‍රදේශීය සභා. විශේෂයෙන් නුගත් වැඩි පිරිසක් මේවට තේරීපත්වීම හේතුව වෙනවා කෙසේ උවත් මුන් මහජන මුදලින් වැටුප් ගන්නවා අය නිසා හැම විටම රටේ නීතියට යටත් කරන්න වෙනවා. විපක්ෂයේ ඉන්නකොට මහජන මුදල් වලින් පඩි අරගෙන කරන්නේ මේ වගේ නොහොබිනා වැඩ විතරයි.
තුට්ටුදෙකේ බාල ද්‍රවිඩ චිත්‍රපටිවල "වීරයෝ, දුෂ්ඨයෝ" වගේ රඟපාමින්, අතට අසුවුණු හැමදෙයක්ම රිලවුන් වගේ කඩා බිඳ දමමින්, පාර්ලිමේන්තුවේ CCTV කැමරාවල මූණත් තහඩු පෙන්නපු මේ ඇම්ඩන්ලා රංචුව වහාම ක්‍රියාත්මක වන පරිදි පළමුව ලක්ෂ ගණනේ වැටුප් රහිතව, තීරුබදු රහිතව ආනයනය කරගත් සැප වාහන රජයට ගෙන, මැතිසභයෙන් නෙරපා හැරිය යුතු වෙනවා. ඊළඟට, 2019 වසර මැතිවරණ වසරක් වෙන නිසා මේ කිසිම මදාවියෙකුටවත් මොනම පිළිගත් දේශපාලන පක්ෂයකින් හෝ නාම යෝජනා දීම ප්‍රතික්ෂේප කළයුතු වෙනවා! ස්වාධීන අපේක්ෂකයෝ හැටියට තරඟ කර ඇප රාජසන්තක වන තැනට පැමිණවීමට ඡන්ද දායකයන් වග බලාගන්න!! ඒකයි මේ රස්තියාදු කාරයින්ට මහජනයා විසින් දිය හැකි උසස්ම පාඩම...