(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිසබයේ මයික්‍රෆෝන ඇතුළු තාක්ෂණික උපකරණවල ක්‍රියාකාරීත්වය ගැන සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) දැඩි ලෙස විවේචනය කළේය.
ගුණවර්ධන මහතා නැගී සිටිමින් යමක් කතා කිරීමට උත්සාහ දැරුවත් ඔහුගේ මයික්‍රෆෝනය ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වූයේ නැත.
මෙහිදී මුලසුන දෙසට හැරුණු ගුණවර්ධන මහතා " මේවා පරණ ඒවා. කිසිම වැඩක් නැහැ . ඒ විතරක් නෙවෙයි ඡන්දත් වරදිනවා." යැයි පැවසුවේය.
ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් පිළිබඳව කරුණු විමසූ අවස්ථාවේදී ඇතිවූ සංවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයික්‍රෆෝන පමණක් නොවේ, ඔගොල්ලත් ගොඩක් පරණ, කිසිම වැඩක් නැහැ.
අර මිරිස් කුඩු ගහල ඕවා ඇදල කඩල දාපු කට්ටියගෙන් අලාබය ඉල්ලාගෙන අලුත් ඒවා හයිකර ගත්තොත් නේද හොඳ.
ඇයි මයික්‍රොෆෝන ඕනෑ වෙන්නේ...? ‘‘ටකරම්‘‘ කටහඬ තියෙන්නේ.
තමුන්නැහෙලාගේම ආණ්ඩුව කීපාරක් පච හැලුවද ඔය මයික්ස් වලින්ම, දැන් ඔහෙලා වගේම පරණයි. අනික ඒවාටත් දැන් එපා වෙලා ඇති ඔහෙලාගේ පච කියලම... අපිටම ලැජ්ජයි ඔහෙලාගේ හැකර කටවල් වලින් මේවා අහන්න වුණාට...
සවුත්තු වෙන්නේ නැද්ද? ඒවා පාචිච්චි කරන අසික්කිත තාලෙට.. අපි දකිනවනේ.. කටින් කෑ ගහගෙන ගලවන්න දඟලනවා. හැළිවඳුරන් රංචුවක් කඩා වැදිලා වගේ හැසිරෙන පහත් තාලේ...
ඔය පාලන ක්‍රමය අපිට කියා දුන්න එංගලන්ත පාර්ලිමේන්තුවේ මයික්‍රොෆෝන් හෝ නිදාගන්න පුළුවන් සැප පුටුත් නැහැ... ඉස්පිරිතාලවල වගේ දිග පුටු තිබෙන්නේ හැබැයි කුෂන් කරලා. එ්කට අපේ අයට? අනේද කියන්නේ...!!!