IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුතුවැල්ල උමඟේ වැඩ මාස තුනකින් අවසන් කර බාර දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

(විනීතා එම් ගමගේ)

උතුරු කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ඉදිකරමින් පවතින නව මුතුවැල්ල උමං මාර්ගයේ වැඩ කටයුතු ඉදිරි මාස තුන ඇතුළත අවසන් කර බාර දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කොළඹ අග නගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියට උපදෙස් දී ඇත.

ලන්දේසි යුගයේ ඉදිකරන ලද මේ වනවිට වසර 225 කට වඩා පැරණි  මුතුවැල්ල උමං මාර්ගයට විකල්පයක් වශයෙන් ඉදිකරමින් පවතින නව මුතුවැල්ල උමං මාර්ගය මීටර් 778 ක් දිගින් යුතු අතර මීටර් තුන විෂ්කම්භයකින් යුක්තය.

අලුත් මාවත ප්‍රධාන ඇළ මාර්ගය අසලින් ආරම්භ වන මෙම නව උමඟ අවසන් වන්නේ මෝදර ධීවර වරාය අසලිනි. මේ වනවිට උමං මාර්ගය ඉදිකර අවසන් වන අතර දැනට අවසන් කිරීමට ඇත්තේ මෝදර ධීවර වරාය අසලින් මුහුදට වැටෙන ස්ථානයේ වැඩකටයුතු පමණි.

මෙකී භූගත උමං මාර්ගයෙන් තත්ත්පරයකට ජලය ලීටර් 15,000 ක් මුහුදට මුදා හැරිය හැකි බැවින් මෙහි ඉදිකිරීම් අවසන් වීමෙන් පසු කොළඹ ගංවතුර ඇතිවීම පාලනය වනු ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.

මෙතෙක් පැවැති පැරණි උමග මීටර් 1.8 පළලැති අතර කොළඹ පවතින ගංවතුර තත්ත්වයේ දී එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන් බ්ලූමැන්ඩල් සහ අලුත් මාවත ප්‍රදේශයන්හි කුඩා වර්ෂාවක දී වුවද ජල ගැලීම්වලට ලක්වන බැවින් පවුල් රාශියක් අවතැන් වෙමින් සිටිති.

2010 වසරේ පාර්ලිමේන්තු සංකිර්ණය ජලයෙන් යට විමෙන් පසු එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ අනුව 2013 වසරේ ආරම්භ කළ කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම උමං මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ 2013 වසරේ දීය.

ඇමරිකානු ඩොලර් මිලියන 321 ක් මෙම ව්‍යාපෘතියේ මුලු වටිනාකමින් ඇමරිකානු ඩොලර් 213 ක් ලෝක බැංකුවෙන් සහනදායි ණය පදනම මත ලැබී ඇති අතර ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියන 108 ක් මේ සඳහා ආයෝජනය කර තිබේ. 

මෙම ව්‍යාපෘතිය සඳහා නව මුතුවැල්ල අලුත් මාවත ග්‍රාම නිලධාරි වසමේ ජීවත්වන පවුල් දැනුවත් කර ඇති අතර පවුල් 150 කට අයත් ඉඩම් හෙක්ටයාර් 1.719 ක ප්‍රමාණයක් පවරා ගෙන ඇති අතර එසේ පවරා ගැනීම හේතුවෙන් නිවාස හා ඉඩම් අහිමි වූවන්ට නිවාස හා වන්දි ගෙවීමට රුපියල් මිලියන 647 ක පිරිවැයක් දරා ඇති අතර නිවාස අහිමි වූ අනවසර පවුල් 63 ක් සඳහා මෙත් සඳ සෙවන නිවාස සංකිර්ණයනේ නිවාස ලබා දී තිබේ.

 



අදහස් (3)

මුතුවැල්ල උමඟේ වැඩ මාස තුනකින් අවසන් කර බාර දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

a.b. Srial Monday, 07 September 2020 08:15 AM

ඇත්තටම මේක යහපාලනයේ වූ හොඳ වැඩ කිහිපයෙන් එකක්. කොච්චර අමිහිරි වුණත් මහින්ද අගමැතිතුමාට පාඨලී චම්පිකගේ නම කියන්නම වෙනවා.

:       1       112

චමින්දMonday, 07 September 2020 10:31 AM

ඔබතුමා එසේ කිව්වත් මෙයින් කියන්නේ මේක 2013දී මහින්ද ජනාධිපතිතුමා ආරම්භ කළා කියලනේ. මමත් දන්නේ නම් පාඨලී මැතිතුමාගේ අදහසක් අනුව මෙම ව්‍යාපෘතිය කළ බවයි.

:       0       11

මංජුලMonday, 07 September 2020 03:27 PM

2013 දි පටන් අරන්. යහපාලන කාලෙ අතගගා ඉඳලා. දැන් කඩිනම් කරලා කියලා ඔය කියන්නේ... ඔය වගේ තව උදාහරණ ඕනෑතරම් දෙන්නම්... හෝමාගම පනාගොඩ කෑම්ප් එක ඉස්සර පාර මීටර් 500ක විතර පොඩි කොටස. 2014 දී වගේ පටන් ගත්තා. යහපාලනය අවුරුදු 5ක් හැදුවා ඒ මීටර් 500. ඒත් 50%ක් වගේ වැඩ ඉවර වෙලා තිබ්බේ. ගිය අවුරුද්දේ මේ ආණ්ඩුව ආව තැන ඉඳලා මේ වෙද්දී වැඩ සම්පූර්ණයෙන්ම වගේ ඉවරයි දැන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site