IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


'මැතිවරණ මැරයොත් මහජන නියෝජිතයන් වෙනවා'

(බිඟුන් මේනක ගමගේ)
 
 
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද පොළ මැර ක්‍රියා කරන්නන්ට එරෙහිව පවතින නීති තවත් දැඩිවිය යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
 
ඡන්ද පොල මැර ක්‍රියාවලට නීතියෙන් වැරුදිකරු වී අත්හිටවූ සිරදඬුවම් ලැබූවන් පවා පවතින නීතිය යටතේ මැතිවරණවලට තරග කර මහජන නියෝජන ආයතනවලට පත්වන්නේ යැයි ද දේශප්‍රිය මහතා කීය.
 
වැරදිකරුවන් සමාජගත කරන ක්‍රමයක් හැටියට අත්හිටවූ සිරදඬුවම් දීම භාවිතා වුවද මහජන නියෝජන ආයතනවලට තේරී පත්වන්නන් සම්බන්ධයෙන් එම දඬුවම ප්‍රමාණවත්ද යන්න ගැන නැවත සිතිය යුතුව ඇතැයි දේශප්‍රිය මහතා පැවසීය.
 
සමාජයට එරෙහිව කරන වරදකදී මෙවැනි තැනැත්තන්ගේ නියෝජ්‍යත්වය අහිමි කිරීම වැනි දඬුවම් පැමිණවීමක් විය යුතු නොවේ දැයි ප්‍රශ්න කළ හෙතෙම මෙවැනි තත්ත්ව ගැන මහජන සංවාදයක් නිර්මාණය විය යුතු යැයි අවධාරණය කර කීය.
 
දේශපාලන සංස්කෘතියේ වෙනසක් වෙනුවෙන් රට තුළ දේශපාලන සංවාදයක් ආරම්භ වී තිබීම යහපත් යැයි ද මැතිවරණ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය බැඳුණු අනෙකුත් අංශවලට ද ඒ සංවාදය ව්‍යාප්ත විය යුතු යැයි ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (5)

'මැතිවරණ මැරයොත් මහජන නියෝජිතයන් වෙනවා'

Sanath Kandy Wednesday, 13 March 2019 10:36 AM

එ්කට වගකියන්න ඕනෑ මැරයන්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන අපිම තමයි. හොඳට බලන්න වැඩියෙන් මැරකම් කරන අයට තමා වැඩියෙන් මනාප ලැබෙන්නේ. ලෝකේ මෝඩම චන්දදායකයෝ ඉන්නේ ලංකාවේ කියලා පහුගිය දවස්වල ජාත්‍යන්තර සමීක්ෂණයකින් වාර්තා වෙලා තිබුණා.

:       0       71

Perakum Wednesday, 13 March 2019 10:59 AM

මහින්ද දේශප්‍රිය මහතා කර ඇත්තේ ඉතාමත් කාලෝචිත යෝජනාවකි. අපේ මගෝඩිස්තුමාලා මේකට කොහෙත්ම කැමති නොවන බව ඒකාන්තයි. අපේම අවාසනාව.

:       0       3

Raveendra Wednesday, 13 March 2019 11:48 AM

අවංක මහත්මා ගති පැවතුම් ඇති මනුස්‍යයාට මහත්මයා කීමටත් මනුස්‍ය ආත්ම ලබපු බල්ලාට එසේ බල්ලා කීමට ආත්ම ශක්තියක් නැති පුරවැසියන් සිටින රක මෙය අරුමයක් නොවේ යන්නවත් තේරුම් ගන්නේ කීයෙන් කීදෙනාද ? මෙවන් පරිසරයක් තුල දියවන්නඔය මඩවගුරේ ජිවිත කාලෙම ගතකිරීම සක්කරයාටවත් වැලැක්විය නොහැක.

:       0       1

Lal Wednesday, 13 March 2019 12:35 PM

කතා කලොත් අපේ මිනිස්සු ඔක්කොම කියන්නේ පගා ගහන මැර වැඩ කරන ස්ත්‍රී දුෂකයන්ව දේසපාලනයෙන් අතුගාලා දාන්න ඕනේ කියල. ඒ වුනාට ඡන්දෙ දාට පහුවද බැලුවොත් වැඩිම මනාප තියෙන්නේ ඒ අයට. කාටද පිස්සු?

:       0       1

Demuni de silva Wednesday, 13 March 2019 03:05 PM

අපගේ දේශපාලන ක්‍රමය සහ ඡන්දය සඳහා උගත් පිරිසක් එක්වූවොත් ඔබගේ දැක්ම ප්‍රායෝගික වේවි..!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 155 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site