(විනීතා එම් ගමගේ)
දේශපාලන පක්ෂ නායකයන් තම ආධාරකරුවන් නොපොළඹවන තාක් කල්, කවර මැතිවරණයක් වුව නිදහස් හා සාධාරණ පසුබිමක පැවැත්විය හැකිය යන්න ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයෙන් පෙන්නුම් කළ බව මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරික්ෂණ මධ්‍යස්ථානය එම මැතිවරණයේ නිරික්ෂණ කටයුතු පිළිබඳව අද (13) නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
පූර්ව මැතිවරණ කාල සමය ඉතා සාමකාමී ස්වරූපයක් ගත් එම ඡන්ද විමසීමේ, මැතිවරණය පැවති දිනයේ ද අවසන් ප‍්‍රතිඵලයට අහිතකර බලපෑමක් ඇති වන ආකාරයේ බරපතල සිද්ධි වාර්තා වීමකින් තොරව නිමාවට පත් වී යැයි එම වාර්තාව කියයි.
එහෙත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය හා අනුයුක්ත නිරීක්ෂකයන් වාර්තා කළ සිද්ධීන් කිහිපයක් ඇති බවත් ඒවා ද සිදු නොවීමට අදාළ දේශපාලන පක්ෂ ක‍්‍රියාකාරීන් වගබලා ගත්තේ නම් මේ මැතිවරණය සුපිළිපන්න මැතිවරණයක් ලෙස ඉතිහාසගත වන බව ද එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තා වේ දැක්වේ.
ගාල්ල, ඕමත්ත කනිෂ්ඨ විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානය කරා වැටී ඇති මාර්ගය දෙපස පෝස්ටර් හා අනෙකුත් පත‍්‍රිකා අලවා තිබූ අතර මැතිවරණය පැවති දිනය පුරාම ඒවා එලෙසම ප‍්‍රදර්ශනය වූ බවත් එලෙස පෝස්ටර් ප‍්‍රදර්ශනය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ යටතේ තරග කරන ලද අපේක්ෂකයන් කිහිපදෙනෙකු විසින් බවත් එහි සඳහන් වේ.
ගාල්ල, තලගස්පේ කනිෂ්ඨ විද්‍යාල ජන්ද මධ්‍යස්ථානය අසල රැඳෙමින් ඡන්ද දායකයන් හට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ජන්දය භාවිත කරන ලෙස ඉල්ලා සිටි කාන්තාවක් පිළිබඳව තම මධ්‍යස්ථානය වෙත වාර්තා වී යැයි ද එහිදී ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන තම පුතු වෙත ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇති බවත් එම වාර්තාව කියයි.
ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය ජන්ද මධ්‍යස්ථානය ඇතුළු තවත් ජන්ද මධ්‍යස්ථාන කිහිපයක් වෙත එක්සත් ජාතික පක්ෂ අපේකෂකයන්ගේ රුව රැගත් පෝසටර් ප‍්‍රදර්ශනය කරමින් වාහන කිහිපයකින් සමන්විත රථ පෙළපාළියකින් ගමන්ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම සහ ප‍්‍රාදේශීය සභා ඡන්ද අපේක්ෂකයන් පිරිසක් පිළිබඳව නිරික්ෂණය කළ බවත් එසේ වාහන තැනින් තැනට ගමන් කිරීම ජන්ද මධ්‍යස්ථාන අවට පරිසරය තුළ නිතැතින්ම පැවතිය යුතු නිදහස් වාතාවරණය අභියෝගයට ලක් කිරීමක් වූ බවත් එහි සඳහන්ව ඇත.
කෙසේ වෙතත් එක් බලප‍්‍රදේශයකට සීමාව පැවතීම හා ජාතික මට්ටමේ තවත් මැතිවරණයක් අභියස සිටින පසුබිමක වඩාත් විවාදාත්මක පරිසරයක් තුළ පැවති ඡන්ද විමසීමක් වුවද, ඉතා ප‍්‍රශස්ත මට්ටමේ පූර්ව මැතිවරණ ප‍්‍රචාරක කාල සමයක් තුළ, මැතිවරණයක නිරායාසයෙන්ම පැවතිය යුතු සුපිළිපන්න බව ආරක්ෂා කරගැනීමට අදාළ පාර්ශව ගන්නා ලද උත්සහය මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ඇගයීමට ලක්වෙතැයි ද එහි සඳහන්ව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘මැතිවරණ නිදහස්ව පැවැත්වීමට හැකි බව ඇල්පිටිය පෙන්වා දුන්නා’
sirisena tilakaratne Monday, 14 October 2019 01:21 AM
රටේ නිතිය කැඩීම වීරකමක් ලෙස හිතන අය දේශපාලනයෙන් ඉවත් කිරීමට දැඩි නීති ක්‍රියාත්මක කල යුතුයි.