(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව මැතිවරණ නීති රීති උපරිම ආකාරයෙන් ආරක්ෂා කරන ලෙස ආයතනවලින් හා පුද්ගලයින්ගෙන් ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය යෙදෙන සැප්තැම්බර් 15 වැනි දින මෙම විශේෂ නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
නාමයෝජනා කැඳවීමේ දිනයෙන් පසුව රාජ්‍ය දේපළ අවභාවිත නොකරන ලෙසත් රාජ්‍ය උත්සව හෝ වෙනත් කටයුතු වෙනුවෙන් යොදා නොගන්නා ලෙසත් එම දැන්වීම මගින් ඉල්ලීමක් කරන බවද දේශප්‍රිය මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd