(ඩයනා උදයංගනී)

කොරෝනා වසංගත තත්ත්වය සමඟ විදෙස් ගමන් අවහිර වීම හේතුවෙන් මෙවර මැතිවරණයට විදේශීය නිරීක්ෂකයින් නොපැමිණෙන බව පැෆරල් සංවිධානය පවසයි. 

නමුත් විදේශීය නිරීක්ෂකයින් එම රටවල සිට මෙවර මැතිවරණය ගැන අධ්‍යයනයක නිරත වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගමයත්, ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය ඇතුළු විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් පැමිණීමට සූදානම්ව සිටියත්  ගුවන් ගමන් අවහිර වීම හේතුවෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට ලංකාවට පැමිණීම පිළිබඳව ගැටලුවක් මතුවූ බව රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.