(නිමල කොඩිතුවක්කු)
මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා බවට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය එදා ජනවාරි 08 ජයග‍්‍රහනයට උරදුන් පිරිසට එල්ල කළ කනේ පහරක් බව නීතිඥ රවී ජයවර්ධන මහතා කොළඹදී අද(02) පැවැසීය.
ජනවාරි 08 ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුම බලවේග එක්ව ජනාධිපතිවරයගේ මෙම තීරණය පරාජයට පත් කිරීමට කටයුතු කරන බව ජයවර්ධන මහතා සඳහන් කළේය.
යුක්තිය උදෙසා වෘත්තිකයෝ රාජගිරිය සෝලිස් උත්සව ශාලාවේදී පැවත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ රවී ජයවර්ධන මහතා මෙසේද කීවේය.
‘‘ජනවාරි 08 වෙනිදායින් පසු තිබූ තත්වයට වඩා වෙනස් තත්වයක් රට තුළ ඇතිවෙමින් තිබෙනවා. ලක්ෂ 62ක ඡන්දයෙන් පරාජයට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ අග‍්‍රාමාත්‍යවරයා බවට පත් කරලා තියෙනවා.
රටේ මහජනතාව ප‍්‍රතික්ෂේප කරපු චරිතයක් අග‍්‍රාමාත්‍යවරයා බවට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් මෙම තීරණය එදා ජනවාරි 08 ජයග‍්‍රහණයට උරදුන් පිරිසට එල්ල කළ කනේ පහරක් විදියට අපි දකිනවා.
රජයේ මාධ්‍ය ආයතන ජනවාරි 08ට පෙර වගේ දැන් හැසිරෙමින් තිබෙනවා. හෙට අනිද්දා වෙනකොට මෙයලා අධිකරණයටත් අත තියනවා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ කඩුව දීලා තියෙන්නේ වැදි රජුටයි. මේ වැදි රජා මහ රජා කාලේ තමයි අපි සටන ගෙනිච්චේ.
එදා සාධාරණ සමාජයක් හදද්දි අපෙන් මිනිස්සු ඇහුවා කලූගලේ ඔලූව ගහගන්නද හදන්නේ කියලා. රජෙක් එක්ක හැප්පෙන්න පුලූවන්ද ඇහුවා. අපි ඒ රජා එක්ක හැප්පිලා ගෙදර යැවුවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි ස්ථාපිත කරන්න එදා ජනවාරි 08 බලවේගයේ සිටි අපි සියලූ දෙනාම කැපවෙනවා.
පාර්ලිමේන්තුවේ බලය නොනිල විදියට අපි මේ වනවිට පෙන්වල තියෙනවා. යළි පාර්ලිමේන්තුව කඩිනම්න් කැඳවන්න කියලා වෘත්තිකයන් විදියට අපි අවධාරණය කරනවා’’ යැයිද ඔහු එහිදි කියා සිටියේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මෛත්‍රී කඩුව දුන්නේ වැදි රජුටයි - නීතිඥ රවී ජයවර්ධන