
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමේ වරදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා තමා හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බවද ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වන හෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කිසිවිටකත් එකතු නොවන්නැයි තමා වසර දෙකක් තිස්සේ කළ ඉල්ලීමට මෛත්‍රිපාල සිරිසේන මහතා ඇහුම්කන් නොදුන් බවත් එම ඉල්ලීම නිසා තමා පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් සහ සංවිධායක ධුරයෙන් ඉවත් කළ බවත් කුමාරතුංග මහත්මිය කීවාය.
තමා අවුරුදු දෙකක් තිස්සේ පැවසූ දේ දැන් මෛත්‍රීපාල සිරිසේන කියාගෙන යන්නේ යැයිද හිටපු ජනාධිපතිවරිය පැවසුවාය.
යුද්ධයක් පැවති කාලයක පවා රටේ ආර්ථිකය තමා නිවැරදිව සකස් කළ බව පැවසූ කුමාරතුංග මහත්මිය අද රට යන දිහා බැලුවම අඬන්නද හිනාවෙන්නද කියා සිතාගත නොහැකි බවද සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබගේ දේශපාලනය මුළුමනින් අනුමත නොකලත් සිරිසේනය පක්ෂයෙන් විතරක් නෙමෙයි රටිනුත් පන්නා දැමිය යුතු බව එකහෙළා අනුමත කරනවා
දෙන්නම එක වල්ලේ පොල්
විනාශ වෙන්න පටන් ගත්තේ 2015 දී ගත්තු තීරණය නිසා .ඒ වගේම 1994 සිට 2004 දක්වා රටේ සිදු උණු විශේෂ සංවර්ධනයකුත් නැහැ
අස් කරන්න ඔනේ එයාගේ කාලේ ලන්කාවේ ආර්ථිකයම හොරාකාපු පවුලම හිරේ යවන්න තිබුන අවස්ථාව නැති කරපු එකට.
තොපි සේරම එකයි. තොපි සේරම කරපු දේවල් වල ප්‍රතිපල තමයි මේ රටේ අහිංසක මිනිස්සු අද භුක්ති විඳින්නේ .
කවද මේ කියන්නේ? චෞරය රැජින රටට වැඩක් නොකළ ඔක්කොම අවුන් පන්නෛය යුතුයි. පල මුව ජෙප්පො. ජෙප්පෝ රටට වැඩක් කරන්න දෙන්නේ නැත.
තමා හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය? 1983 වනවිට තමාට බලය නොලැබී තමන්ගේ සහෝදරයා වන අනුරට එරෙහිව පක්ෂය කඩාගෙන ගිහින් ශ්‍රී ලංකා මහජන පක්ෂය හැදුවා. 1988 විජය මැරුණාට පස්සේ එංගලන්තයට ගිහින් එහේ පුරවැසිකම අරන් 1993 විතර වනතුරු ලංකාව පළාතේ ආවේ නෑ. ඒ අතරේ කඩා වැටී තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාදයාත්‍රා වැනිදේ මගින් ගොඩගත්තේ මහින්ද රාජපක්ෂ මූලික වෙලා. මෙයා 1993 ප්‍රේමදාස මියගියාට පස්සේ ලංකාවට ඇවිත් රාජිත සේනාරත්න එක්ක එකතු වෙලා මහජන පක්ෂයත් කඩලා (ඔසී අබෙගුණසේකර තමයි චන්ද්‍රිකා නැති නිසා මහජන පක්ෂය ගෙනිච්චේ) බහුජන නිදහස් පක්ෂය කියලා එකක් හැදුවා. ඊට පස්සේ ඒකේ සාමාජිකයන් ටිකත් අතරමං කරලා ආපහු අම්මා ළඟට කිට්ටුවෙලා මල්ලිවත් පක්ෂයෙන් එළවලා මහින්දලා අමාරුවෙන් ගොඩගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලුවා. ඔන්න ඔහොම තමයි චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ. මේවා කටකතා නොවෙයි. 1990 ගණන් හොඳට මතක තිබෙන මම වගේ අය කියවපු පුවත්... මහින්ද රාජපක්ෂ හොඳ වුණත්, නැතත් සත්‍යය ඒකයි...
පඹයෙක් වගේ... ගිය තැන විනාශයි.
සියලුම දූෂිත දේශපාලුවන් රටින් නෙරපා දැමිය යුතුයි. ශ්‍රී ලංකාව යනු පුද්ගලික බූදලයක් නොවේ..
පන්නා දැමිය යුත්තේ, රට විනාශයට පත්කළ සීනි, පොල්තෙල්, පොහොරවලින් ගසාකෑව පවතින රජයයි.
ඇයි පක්ෂයෙන් විතරක්..? පිළිලයක් නොවේද? සියලු දේ රාජසන්තක කොට ජීවිතාන්තයව දක්වා හිරගේ දාන්න ඕනෙ කෙනෙක්...
1. පළමුව කිව යුත්තේ එකල යුද්ධයක් නොතිබුණු බවයි. එවකට තිබුණේ මායිම් රැක ගැනීමක් පමණක් වන අතර, නාමිකව විනා ත්‍රස්තවාදය අවසන් කිරීමේ සැබෑ අරමුණු සහිත මෙහෙයුමක් නොතිබුණි. එබැවින් සැබැවින්ම ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනක් පැවති කාල සීමාවට සාපේක්ෂව ආර්ථිකයට බලපාන මහා පරිමාණ හමුදා මෙහෙයුම් නොතිබූ අතර පැවතියේ ජනතාව හා දේපල විශාල වශයෙන් විනාශ වූ ත්‍රස්තවාදී ප්‍රහාර පමණකි. විශාල ප්‍රමාණයේ විනාශකාරී ත්‍රස්තවාදී ප්‍රහාර ගණනාවක් රටේ මර්මස්ථානවලට එල්ල වී විශාල හානි සිදුවිය. 2. එකල මෙරට ස්වාධීනත්වයට එරෙහි බෙදුම්වාදී මතවලට බොහෝ පිළිගැනීම් හා ධනාත්මක ප්‍රතිචාර රාජ්‍ය අනුග්‍රහයෙන් පවා ලැබීම්වල වර්ධනයක් දක්නට ලැබීමය 3. එම පක්ෂය ඇය විසින් ගොඩ නැගුවා යැයි මෙහි සඳහන්ව තිබීම කොතරම් වැරැදි අදහසක්ද යන්නයි. 4. සැබැවින්ම ත්‍රස්තවාදය පරාද කිරීමේ මෙහෙයුම් පැවති 2005-2009 කාලයේදීද ආර්ථිකය ඉතා යහපත්ව පැවතීම අමතක කර දැමීම සහ අප දැන් ගතකරන්නේ ලෝකයම අඩපණ කළ ව්‍යසනයක් හමුවේ සමස්ථ ලෝක ආර්ථිකයම කඩා වැටී ඇති කාලයක් බව අමතක කර දැමීමයි... ඉහත කාරණා එකල ජීවත් වූ මාගේ අදහස් ගොන්නකින් ස්වල්පයක් පමණි...
සිරාගෙ කට විතරයි. නීතියක් රීතියක් දන්නැති තමන්ගේ වාසියට වැඩකරපු කෙනෙක්. ඒ වගෙම වත්මත් පාලනය අන්ත දූෂිත හිතුවක්කාර නිවැරදි තීන්දු තීරන ගන්න බැරි රට විනාශය කරා ඇදගෙන යන ආණ්ඩුවක්....
පරණ වයසක දේශපාලකයින් සියල්ල පන්නලා දමන්න ඕනේ...
සිරිසේනට පුළුවන්නේ ඥාණසාර හාමුදුරුවන්ගේ පන්සලේ ඇබිත්තයා වෙන්න.
රටේ සල්ලි හොරාකාපු අයව ගෝල්ෆේස් එකට ගෙනැල්ලා අල්ලවා කිව්වා. එදා ඒක කළා නම් මේ රට මෙතරම් හිඟන රටක් වෙන්නේ නැහැ.
අපිනම් හිතාගෙන ඉන්නේ එදා මෙදා තුර රට කාපු හැතිකරේ සේරම පන්නන්න. ඒත් හොරකම් කරපු සල්ලි රටට ගෙනාවට පස්සේ, ඒ කියන්නේ එංගලන්තයේ බංගලාගත්තු සල්ලිත් ඇතුළුව...
බණ්ඩාරනායක නැති ශ්‍රීලනිපය පරිප්පු නැති හෝටලයක්... මැතිණියනි, වහාම පක්‍ෂය බාරගෙන රට බේරගන්න.
දැන් ඔයා හොඳයි කියලද කියන්න ඕනෑ...? අපිට නම් ඔය හැමෝම එකයි. ඉන්න කාලේ මොකුත් නොකර පස්සේ කියවනවා. කාටවත්ම ඡන්දෙ නොදී ඉන්න ඕනෑ...
රට ගොඩ ගැනීමට න්‍යෂ්ඨික බලාගාරයක් හැදිය යුත්තේ දූපතක.. රටට අවශ්‍ය බලශක්තිය සැපයීමට. එකිනෙකාට බැනගෙන රට ගොඩනැගිය නොහැක...
මේ ගොඩාක් කමෙන්ට් සහ ඒවාට තිබෙන කැමැත්ත සහ අකමැත්ත බැලුවාම තේරෙනවා චන්ද්‍රිකා නෝනා ගැන මිනිසුන්ගේ තිබෙන අප්‍රසාදය... ඒ නිසා මේක යොමු කරන්න පුළුවන් නම් හොඳයි. 2019 දී ගෝඨාභය ගැන ලාංකිකයින්ගේ තිබුණු ප්‍රසාදය වගේ කැමැත්තක් තමයි 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ගැනත් තිබුණේ. නමුත් එයත් සෑහෙන්න හෝදාපාලු කරගත්තා මෙහෙම වසංගත කාලයක් නොවීත්. ඒ ගැන වික්ටර් අයිවන් ඔහුගේ චෞර රැජින පොතේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ වගේම 1990 ගණන්වල සන්ඩේ ලීඩර් පුවත්පතේ පුදුම විදිහට චන්ද්‍රිකා සහ සගයින්ගේ කෙරුම් එළිකළා. චන්ද්‍රිකා දැන් හිතනවා ඇති මේවා මිනිසුන්ට අමතක වෙලා කියලා. නමුත් එහෙම නෑ.
එහෙමද ආස?