මුතුරාජවෙල තෙත්බිම්වල වර්තමාන තත්ත්වය පිළිබඳව සොයා බලා එය මාර්තු 09 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
මුතුරාජවෙල තෙත්බිම් ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස කුණු කසළ බැහැර කිරීම අභියෝගයට ලක් කරමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානේගේ රංජිත් සිසිර කුමාර විසින් ජනවාරි 26 වන දින අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරන ලදී.
පෙත්සම්කරුවන් එහි සඳහන් කර ඇත්තේ තෙත් බිම අසල ක්‍රියාත්මක වන කර්මාන්තශාලා කිහිපයක් ඒවායේ හානිකර ද්‍රව්‍ය හා අප ජලය මුතුරාජවෙල තෙත් බිම් කලාපවලට බැහැර කරන බවයි.
මුතුරාජවෙල තෙත් බිම පුරවා කුණු කසළ බැහැර කිරීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මුතුරාජවෙල තෙත්බිම්වල තත්ත්වය ගැන අභියාචනාධිකරණය වාර්තාවක් කැඳවයි
විජිත් Wednesday, 03 March 2021 01:02 PM
හේමන්ත ඇතුළු පරිසර යුක්ති කේන්ද්‍රයේ සියලුම " මිනිස් හදවතක් ඇති මිනිසුන්ට" ස්තුතියි. දූෂිත දේශපාලුවන්ගේ ඉඳුල් බුදින නොමිනිසුන්ගෙන් මේ රටේ පරිසරය බේරා ගැනීමට ඔබ සැමකරන සටනට තවතවත් දිරිය ශක්තිය ලැබේවා.
Perera Thursday, 04 March 2021 06:27 AM
ඔක්සිජන් කන්නාගෙන් වාර්තාවක් අරන් යවන්න..