
(ඩයනා උදයංගනී)
මුතුරාජවෙල තෙත් බිමෙහි අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩකර එහි ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී) බලාගාරයක් ඉදිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පා බෝපිටිය, පමුණුගම සහ උස්වැටකෙයියාව ප්‍රදේශයන්හි පදිංචි ජනතාව අද (11) තම නිවෙස් ඉදිරිපිටට පැමිණ නිහඬ විරෝධතාවයක යෙදුණහ.
මුතුරාජවෙල සුරැකීමේ අගරදගුරු පදවි එකමුතුව සංවිධානය කර තිබූ මෙම නිහඬ විරෝධතාව සංවිධානය කර තිබූ අතර ප්‍රදේශයේ දේවස්ථානවල පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියෝ ද බෝපිටිය, ශුද්ධ වූ නිකුලා මුනි දේවස්ථානය ඉදිරිපිට දී විරෝධතාවයේ නිරත වූහ.
‘මුහුදෙන් වැලිගසා මුතුරාජවෙල වනසා පමුණුගම පේරුව මුහුදට යටකිරීමට හිතන්නවත් එපා’, මුතුරාජවෙල ගොඩකර බලාගාර සෑදීමට හිතන්නවත් එපා’, ‘මුතුරාජවෙලට අත තියන්න එපා. අත තියන්න දෙන්නෙත් නෑ’, ‘අහිංසක ධීවර ජනතාව නැවතත් අනතුරේ’ ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස මෙම නිහඬ විරෝධතාවයට එක්ව සිටියහ.
එම ප්‍රදේශවල මාර්ග දෙපස සහ මුතුරාජවෙල පරිසර පද්ධතිය අවට ද එම පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.
(ඡායාරූප ශාන්ත රත්නායක)






2025 දෙසැම්බර් මස 18
225
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
974
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘මුතුරාජවෙලට අත නොතබණු‘‘
Demuni Uduwara Monday, 12 July 2021 03:53 AM
ආදර්ශමත් විරෝධයක්!
Bamunuarachchi Monday, 12 July 2021 11:11 AM
මීට කලිනුත් මේ ගොයියෝ විදුලිබලාගාරයක් හදන එකට විරුද්ද උනා. වසංගතයක් වෙන්නයි හදන්නේ