(මුදිතා දයානන්ද)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා දුන් සාක්ෂි සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයෙන් ජනාධිපති විමර්ශන කොමිසමේ බලය හා අධිකාරීත්වය නොසළකා හැර ඇති අතර එය හෑල්ලුවට ලක් වෙන බව නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට අද (22) දැනුම් දුන්නේය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු වන සමීර ද සිල්වා මහතා විසින් එම නිවේදනය නිකුත් කරනු ලැබ තිබිණ. එය හිටපු ජනාධිපතිවරයාගේ මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය කර ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය කොමිසම දැනුවත් කරමින් පැවසුවාය.
එය මේ වන විටත් විශාල ජනතාවක් අතරට ගොස් ඇති බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එය ඉවත් කරගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට නියෝග කරන ලෙස ද කොමිසමෙන් ඉල්ලා සිටියාය. හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ ලබාදී තිබෙන්නේ බොරු සාක්ෂි බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබිණි.
එයින් තම සේවාදායකයා අගතියට පත්වන අතර කොමිසම හෑල්ලු කර ඇති බවද ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ දිල්ශාන් ජයසුරිය මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් කරුණු දැක්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකවම අද කොමිසම හමුවේ පෙනී සිටියේය.
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ ඔහුගේ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ මෙම නිවේදනයෙන් කොමිසම හෝ කිසියම් සාක්ෂිකරුවකු හෝ හෑල්ලුවට ලක් කිරිමට තම සේවාදායකයා වූ මෛත්‍රීපාල මහතාට අවශ්‍ය නොවු බවයි.
හේමසිරි මහතාගේ සාක්ෂිය මාධ්‍ය මගින් ප්‍රචාරය වු ආකාරය තුළින් තම සේවාදායකයා පාස්කු ප්‍රහාරයේ සියලු වගකීම භාරගත යුතු බවට සමාජයේ අදහසක් ඇති වන බවද ඒ අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවද ඔහු පැවසීය.
හරීන් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසු අගරදගුරුතුමන් වෙනුවෙන් ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ බවද තම සේවාදායකයා වෙනුවෙන් වන මාධ්‍ය නිවේදනය ගැන කතා කරන අය ඒ ගැන කතා නොකර සිටීන්නේ ඇයිදැයි නීතිඥ ගුණරත්න මහතා විමසුවේය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රීගේ නිවේදනයෙන් කොමිසමේ බලය හෑල්ලු වෙලා
Prasad Wednesday, 23 September 2020 03:02 AM
සාක්කි දෙන්න එන්න බැහැ. ගෙදරට ගිහින් ලියාගන්න ඕනෑ. සාක්කිකරුවෝ බය කරන්න කොමිසමට එන්න පුළුවන්..
Prasad Wednesday, 23 September 2020 03:02 AM
සාක්කි දෙන්න එන්න බැහැ. ගෙදරට ගිහින් ලියාගන්න ඕනෑ. සාක්කිකරුවෝ බය කරන්න කොමිසමට එන්න පුළුවන්.
fairoos Wednesday, 23 September 2020 07:03 AM
මෙහෙමත් ජනාධිපති කෙනෙක් හිටියානේ අපිට. හැමදාම කළේ විහිළු සපයන එක විතරයි.