නාලක සංජීව දහනායක
ඉදිරි මහා මැතිවරණයේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවම තීන්දුවක් ගෙන නැතැයි බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (10) පැවසීය.
එමෙන් මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව කටයුතු කරන්නේදැයි තම පක්‍ෂය තවම තීන්දුවක් ගෙන නැතැයි ඔහු කීය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටියේ මහා මැතිවරණයට එක්ව තරග කරනවිට ඇතැම් දිස්ත‍්‍රික්ක සදහා වැඩිපුර අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තම පක්‍ෂයට ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉල්ලීම් කර ඇති බව කීය.
දිගින් දිගටම එවැනි ඉල්ලීම් ඉදිරිපත් වුවහොත් මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙන්ව තරග කිරීමට සිදුවනු ඇතැයිද සඳහන් කළේය.
එමෙන්ම මහා මැතිවරණයට එක්ව තරග කළද මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරය දැරූ සමයේ දී ගත් ඇතැම් තීරණ සම්බන්ධයෙන් විවේචන කිරීමට තම පක්‍ෂයට සිදුවනු ඇති බවද පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාව දාන්න තරගෙට එතකොට පෙනේ කොකාගේ සුද...?
එයාට නාම යෝජනා නොදී කොහොමද? මොනතරම් ලොකු හපන්කමක්ද කෙරුවේ...?
එයාට වගේම ඔයාටත් නොදෙනවා නම් පක්ෂයට හොඳයි.
මෛත්‍රී පොහොට්ටුවෙන් ඉල්ලලා යුඑන්පි එකට කෑල්ලක් ගලවාගෙන යන්නයි යන්නේ.
මොන හිඟාකෑමක්ද? ලැජ්ජාවක් නැති එක මහමුදලිකමටත් වඩා ලොකුයිලුනේ....
මෛත්‍රී කෙසේවෙතත් රත්තරන් ගැන නම් නොදන්න කෙනෙක් නැහැ...
ලංකාවේ පිහි භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරායින් පසුව එයාට නාමයෝජනා දෙන්න...
මේ බීච්බෝයි වත් ලබන ඡන්දයෙන් ගෙදර යවන්න ඕනෙම කෙනෙක්. ලබන ඡන්දයෙන් හොරුන්, රස්තියාදු කාරයින් පත් නොකර අවංක, බුද්ධිමත්, උගතුන් පාර්ලිමේන්තුවට පත්කිරීම බුද්ධිමත් ජනතාවගේ වගකීමයි...
එයා සහ ඔයා දෙන්නගෙන් කවුරු ඉල්ලුවත් එම පක්ෂයට ගොඩක් අය ඡන්දෙ දෙන එකක් නෑ. දැන් දැන් මහින්ද මහත්තයාටත් ටිකක් මිනිස්සු අප්‍රසාදය පලකරනවා. මොකද දැන් දේශපාලන නාටක ජනතාවට තේරෙනවා.
මේ වගේ ලොකු ලොකු කතා කියන්න රත්තරන්ට පක්‍ෂයෙන් බලයක් දීලා තියෙනවද...?
අනේ මෛත්‍රීට වුණු දේ.... හරියට ගුවන්තොටුපොළට යන හයර් වාහන වගේ අද මෛත්‍රිටත්, නිදහස් පක්ෂයටත් වෙලා තියන්නේ. ජනාධිපතිවරණයේ දිනන්න කල්, මෛත්‍රිත්, නිදහස් පක්ෂයත් හොඳයි. දැන් ඉතින් ඒ හයියෙන් දිනන්න පුළුවන්නේ. ජනවරමට පිටින් කටයුතු කළ නිසා මෛත්‍රිටත් වෙන්නම ඕනේ...
මේ කරන්න යන්නේ නඩුවලින් බේරෙන්නයි, තව ටිකක් ගසා කන්නයි....
හිටපු පක්ෂ ලේකම් කෙනෙක්..., ඇමති කෙනෙක්, ජනපතියෙක්, මාල හොරෙක්ට හසුවූ ඒ මොහොත....
මෙයාව දාලද තුනෙන් දෙකක් ගන්න යන්නේ? එන්න දෙන්නම් තුනෙන් තුනම.
මොවුන්ට ඡන්දෙ දෙන අයට ගහන්න ඕනෑ. නායකයත් එකයි, මැතිඇමතිලත් එකයි. අද මේවගේ අය වැජඹෙන්නේ ඡන්දෙ දෙන නිසානේ... මහින්දව ගෙදර යැව්වම කිව්වේ කොහොමද? දැන් කොහොමද? මිනිස්සු බිලිගන්නා පාලකයින් 2005දී ඔප්පු කරලා පෙන්නුවා. සුනාමි ලැබුණු මුදල් ආධාර සේරම හොරාකාලා.
ඉන්න හැමෝටම මනාපේ ගහපු නිසා අපි කබලෙන් ලිපට වැටි ඇත. ලබනපාරත් මෙවැනි චරිත වලට මනාපේ ගසා අමාරුවේ වැටෙනවද ? කියා දෙවරක් සිතා බැලිය යුතුය.
හොරුන්ට, බොරුකාරයින්ට මනාප ගහලා වැඩක් නැත. මම මේ බලන් ඉන්නේ වියත්මගෙන් හෝ මොකෙන් හරි ලිස්ට් එකට අලුතෙන් එන පැරෂුට් කාරයකුට මනාපේ ගහන්න. හැමදාම පාර්ලිමේන්තු යන ගතානුගතික ඔළුගෙඩිවලට මනාපේ ගහලා එපා වෙලා...