(රංජන් කස්තුරි)
දේශීයව නිෂ්පාදනය කරන මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇළවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන ආකාරය නිසා ගැටළු රැසක් මතුවිය හැකි යැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් මුදල් ඇමැතිවරයාට පෙන්වා දී තිබේ.
ආරක්ෂිත ස්ටිකර් සකස් කිරීම සඳහා තෝරාගත් ඉන්දියානු සමාගම අසාදු ගත සමාගමක් වීම ස්ටිකර් ආනයනය සඳහා වසරකට ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට රුපියල් කෝටි 100කට අධික මුදලක් ගෙවීමට සිදුවීම සහ ටෙන්ඩර් පටිපාටියේ පවතින අක්‍රමිකතා පිළිබඳව ද මුදල් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුවේ සම ලේකම් නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.
COMMENTS
කලබල වෙන්න එපා. මේවා අලුත් මුදල් ඇමතිගේ වැඩ....