(රංජිත් රාජපක්ෂ)
සෞඛ්‍යය අමාත්‍යංශයෙන් අලෙවි කිරිමට රට තුළ නම් කර ඇති එන්.සි නැමති මත්ද්‍රව්‍යය කිලෝ 7 ග්‍රෑම් 500 සමඟ සැකකරුවෙකු හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද (22) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන්දියාවෙන් මේ රටට නිතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සි නැමති මත්ද්‍රව්‍යය පාසල් ළමුන් ඉල්ක්ක කර ගනිමින් අලෙවි කිරිම සඳහා සැකකරු කොළඹ ප්‍රදෙශයෙන් ගෙන විත් තිබේ.
හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ ඔහුගේ නිවසේ රහසිගතව සඟවා තිබියදි හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරික්ෂා කර මෙම මත්ද්‍රව්‍යය තොගය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 10 බැගින් කුඩා ටින්වල අසුරා ටින් 25 බැගින් මත්ද්‍රව්‍යය ටින් 750 ක් කුඩා පෙට්ටි 30 ක අසුරා තිබිණි. මෙම එක් ටින් එකක් රුපියල් 300 කට විකිණිමට ගෙන විත් තිබේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යයවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍යය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් තරුණ පරපුර මතට ඇබ්බැහි වීමට වග කිවයුත්තේ වත්මන් වැඩිහිටි පරපුරයි. විශේෂයෙන් පාසල් ළමුන්ට මත්වතුර විකුණන කුණු මුදලාලිලාට එම මත්වතුර පෙවිය යුතුයි... මම කියන්නේ මැරෙන කල්ම..!