(හල්දුම්මුල්ල සමන්පාලිත නානායක්කාර සහ බදුල්ල පාලිත ආරියවංශ)
ෆේස්බුක් සමාජ ජාලය හරහා මිතුරු වී හපුතලේ විහාරගල සංචාරක හෝටලයකට පැමිණි තරුණයින් 57දෙනෙකු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින්, සාදයක් පවත්වමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි. මොවුන් බදුල්ල, පස්සර යන ප්‍රදේශවල අයවලුන් බවද පැවසේ.
තරුණයින් 57 දෙනාට අමතරව එක් තරුණියක්ද මේ අතරේ සිටි බව පොලීසිය කියයි.
කේරල ගංජා, අසීස් වැනි නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මොවුන් ළඟ තිබී පොලිසියට හසුවී තිබේ. බදුල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව හපුතලේ පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකරන ලදී.
හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd