(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය නිවාරණ සඳහා මුළු දිවයිනම ආවාරණය වන පරිදි මහජනයාට තොරතුරු ලබා දිය හැකි විශේෂ මෙහෙයුම් මැදිරියක් අද (22) පොලිස් මුලස්ථානයේදී ස්ථාපිත කළ බව පොලිස් මුලස්ථානය කියයි.
පොලිස්පතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.
මෙම මෙහෙයුම් මැදිරියට විශේෂ දුරකතන අංක දෙකක් , ෆැක්ස් අංක දෙකක් හා විද්‍යුත් ලිපිනයක් හඳුන්වා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
011-3024820, 011-3024840, 011-3024850 , යන දුරකතන අංක වෙත හා 011-2430912, 011-2472757 යන ෆැක්ස් අංකය හෝ, [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවැසීය.
පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මත වන මෙම මෙහෙයුම් මැදිරියට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලබා දෙන්නන්ට ත්‍යාග ලබා දෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
ලංකාවේ මත් ද්‍රව්‍ය නැතිකරනවා කියන එක බොරුවක්. මත් ද්‍රව්‍ය ඉවකරන නිල සුනඛයෝවත් ඉන්නවාද? ඇමෙරිකාවේ වගේ මත් ද්‍රව්‍ය ළග තියාගත් අයගේ සියලුම දේපොළ රාජසන්තක කරන්නේ නැතිමන් කොහොමද ඔය ව්‍යායාමය සාර්ථක වෙන්නේ. උසාවියට ගෙනගිය කුඩු මුදලාලිලාත් දේපොළ සමග නිදහස් කරනකොට. ඔය වගේ මෙහෙයුම් ලංකාවටම ගැලපෙනවා. ලාංකිකයෝ ඇත්ත ඒ විධියට අහන්න කමතින් නෑ.
මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුර සපයන්නන්ගේ අනන්‍යතාවත් ආරක්ෂා කරන බව දැන්වීමත් වැදගත්.
මේ ඉතාමත් වැදගත් වැඩක් නුමූත් sms පහසුකම ඇතිව ජංගම දුරකථන අංකයක් ලබා නොදීම කණගාටුවට කරුණකි