අජන්ත කුමාර අගලකඩ
මත්ද්‍රව්‍යවලට එරෙහිව මුළු රටම ලබන 3 වැනි දා එකම වේලාවකදී දිවුරුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (6) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේ දී ප්‍රකාශ කළේය.
එහි ප්‍රධාන උත්සවය ලබන මස 3 වැනි දා උදේ 8.00 ට කොළඹ නිදහස් චතුරඝ්‍රයේ දී පැවැත්වෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
රටපුරා සියලුම පාසල්වල දරුවන් ද රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද එදින දිවුරුම් ප්‍රතිඥාව දීමට එක්වන බව ජනාධිපතිවරයා කීය.
තමා පොලිසිය බාරගෙන මාස තුනක් පමණ වන බව කී ජනාධිපතිවරයා එම කාලය තුළ කිසිදු බලපෑමකින් තොරව පොලිසියට කටයුතු කරන්නට ඉඩ ලැබුණු බවද කීවේය.
තමා පොලිසිය බාර ගනිද්දී ආණෟඩුව පැත්තෙන්ද යම් යම් මැසිවිලි විවේචන ආදිය එල්ල වූ බව කී ජනාධිපතිවරයා ඇතැම් තානාපතිවරුන් පවා තමාගෙන් ඒ ගැන විමසූ බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙනයන වැඩසටහනේ දී ඉතා හොඳ ප්‍රතිළුල මේ කාලය තුළ ලැබී ඇති බවද ජනාධිපතිවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මත්ද්‍රව්‍යයට එරෙහිව ජාතික පොරොන්දුවක්
de silva Wednesday, 06 March 2019 08:45 AM
උසාවියෙන් දීපු දඬුවම් ක්‍රියාත්මක කරන්න පෑන අරන් අත්සන් කරන්නේ නැතුව, නොකෙරෙන දේවල් ගැන කතාකරන්නේ මේ මනුස්සයට යම්කිසි මානසික අාබාධයක්වත් තිබෙනවද කියලා මට හිතෙනවා..
sena Wednesday, 06 March 2019 08:56 AM
ඔය ජාතික උත්සවයට බදු ගෙවන ජනතාව කියක් බර පැන දරන්න ඕනෙද? ඒ සල්ලි වලින් ඔය අල්ලපු පොලිස් නිලදාරින්ට දිරි දීමනාවක් වගේ දෙයක් දුන්නේ නැත්තේ මොකද?
Nishantha Wednesday, 06 March 2019 08:58 AM
අපි ඔබතුමාට ඡන්දය දුන්නේ ඔබතුමා අපට දුන්න ලොකු පොරොන්දුවකට. ඒක ඉටු කරන්නේ කවද්ද?
sirimal Wednesday, 06 March 2019 09:16 AM
මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ අයට අධීක්ෂණ ඇමතිකම් දීපු, පොලිසියෙන් ඇල්ලුවාට පස්සේ ගිහින් බදා ගත්තු කට්ටිය එක්ක එකතුවෙලා ඔය වැඩේ කරන්නේ කොහොමද කියලා හන්දියේ කඩේ හිටපු දෙතුන් දෙනෙක් කතා වෙනවා ඇහුණා..
Sapumal.Wednesday, 06 March 2019 11:57 AM
සිරිමල් මහතා, ඔබතුමා නිවැරදියි. ඔය පොරොන්දු වලින් සාමාන්‍ය ජනයාට කිසිම වැඩක් නැහැ. මන්ද යත්, ඔවුන් කුඩු බොන්නේවත්, විකුනන්නේවත් නැහැ. ඒ නිසා ඒ අයට ඕවා වැඩක් නැහැ. කුඩ්ඩන් හා ඒ හා සම්බන්ධ අය ඕවාට කැමතිත් නැහැ. නිකං රටේ මුදල් වැඩකට නැති උත්සව වලට වියදම් කරනවා. කෝ අර රන්ජන්ගේ අභියෝගයට පිළිතුරු. පොහොට්ටුවේ කට්ටියයි ඔබතුමාගේ අයයි ලේ පරීක්ෂාව කරලා තම නිදොස් බව පෙන්නුවානම්, එජාපයත් ඒ දේ කරාවි නේද ? එහෙම නොකරන්නේ කුඩ්ඩන් ඔබතුමාලා අතර සිටින නිසා නේද කියා අපට සැක සිතෙනවා.
අසංක Wednesday, 06 March 2019 09:59 AM
3 වෙනිදා නොවේ... 1 වැනිදා තමයි නියම දවස... ඒක ජනතාවගේ දවසනේ...
Deepal Nirosh Wednesday, 06 March 2019 11:05 AM
දැන් කුඩු කාරයො ටිකක් ඇල්ලුවනෙ. පොලිසිය හිමිහිට ඒක කරගෙන යාවි. ඔය කුඩු කතා මඳකට නවත්තල අයවැයේ දී තමන්ගෙ වැය ශීර්ෂ සම්මත කරගෙන හිටියනම් නේද නුවණට හුරු?
සමීර Wednesday, 06 March 2019 11:46 AM
බොරු සංදර්ශන නැතුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරන දඬුවම ක්‍රියාත්මක කරලා ජනතාවට දීපු පොරොන්දුව ඉටුකරන්න.