
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව අධිකරණයෙන් රාජසන්තක කරන ලද හොඳ තත්වයේ වැලි තොගයකට පස් ගල් සහිත වැලි තොගයක් අධිකරණයට බාර දී වංචා කිරීම සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකි.
මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපතිට ලද තොරතුරක් අනුව ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනවලදී මේ බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිවටයන් දෙදෙනා තම නිල ඇඳුමට ඉතාමත්ම පහත් ලෙස නිගා කර ඇත. මේ දෙදෙනා මීට පෙර සහල් මෝලක සුළු සේවකයන් ලෙස සේවය කර ඇති බවට මේ කරන ලද නිවට ක්‍රියාවෙන් මනාව ඔප්පු වෙනවා නොවේද? කරුණාකර මොවුන්ගේ විස්තර හා ඡායාරූප තොරතුරු දැනගැනීමේ අයිතිය මගින් තහවුරු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.