IMG-LOGO

මතුගම තිදරු මව ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු

(සුමිත් පොතුපිටිය)

මතුගම තිදරු මවක වෙඩිතබා ඝාතනය කිරීම සැලසුම් කළ බව කියන පුද්ගලයකු අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම බාලිකාව පාරේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

ඉකුත් ඉකුත් 15 දා රාත්‍රී මතුගම ගාමිණී මාවතේ පදිංචිව සිටි තිදරු මවක වූ චන්දිමා දිලහානි පෙරේරා (40) යන අයගේ හිසට වෙඩිතබා ඝාතනය කර තිබුණි .

ඒ අනුව කළ පරීක්ෂණ වලදී ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් මතුගම ප්‍රදේශයේ සංව්ධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ බිරිඳ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

තිදරු මව ඝාතනය සැලසුම් කරමින්‍ එයට අනුබල දුන් පුද්ගලයා කළුතර කැලිඩෝ වෙරළ තීරයේ රැදී සිටින බවට ලද තොරතුරක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ගමන් මල්ලේ සඟවාගෙන තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද සොයාගත් බව පොලිසිය කීය .

මතුගම ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙසින් තිදරු මව ඝාතනයට ලක්ව ඇති අතර විරුද්ධ පාර්ශවයෙන් තර්ජනයක් එල්ලවේයැයි සැකයෙන් අත්බෝම්බය ළඟ තබා ගත් බවට හෙලිව ඇතැයි උසස් පොලිස් නිළධාරියෙක් කීය.

 



අදහස් (0)

මතුගම තිදරු මව ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site