(ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනා මත්කුඩු තොගයක් සමග කාන්තාවක ඇතුළු දෙදෙනකු කොටුගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරුවන් සතුව හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් තිබී ඇති. 

හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 9 කට ආසන්න මුදලක් ඔවුන් සතුව තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

දැනට විදේශ රටක සැඟව සිටින ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන පට්ටියවත්ත නෙවිල් නැමැත්තාට අයත් මත්කුඩු මොවුන් ජාවාරම් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.