(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාර ගණනාවක රඳවා සිටි ප්‍රබල ගනයේ සංවිධානාත්මක පාතාල අපරාධකරුවන් මෙන්ම, මත්කුඩු ජාවාරම්කරුවන් 5 දෙනෙකු බුස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා තැබීම සඳහා එහි රැගෙන ගොස් ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි දෙමටගොඩ චමින්ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි චුවා සමන්ත, පොඩි තිලන්,ආමි සම්පත්, හා ගගන මේ අතර වන බවද, එම ප්‍රකාශකයා කීය.
ඒ අනුව, බුස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගනයේ රැඳවියන් සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම පිරිස එස්ටීඑෆ් භට කණ්ඩායමක දැනට දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ තනි සිර කුටි 19 ක රඳවා සිටින බවද වාර්තා වේ.
COMMENTS
Reply To:
-
ආරක්ෂාව නොවේ... මේ අය එල්ලලා දාන්න.
කට්ටිය නන්දිකඩාල් යයි වගේ වැඩ්ඩො ඔක්කොම එක තැනකට කොටුකරලා 225ත් දියවන්නාවට ගාල්කරලා ඉන්න වෙලාවක උල්කාපාත 2ක් කඩාවැටෙනවා නම් සනීපෙ කියලා වැඩක් නැහැ.
මේ වගේ අයට අලුත් හිරගෙයක් හැදුවා නම් හරි... කල්පිටියට ඔබ්බෙන් තියෙන දූපතක. ඒකෙ සිග්නල් ජෑම් කරලා ගාල් කරලා තිබ්බා නම් සමාජයටත් එක්ක කිසිම ගැටීමක් නැහැ. සාමාන්‍ය මිනිස්සු ඉන්න ව්‍යාපාරික වටිනාකම් තියෙන වැලිකඩ වගේ තැන් හිරගෙවල් වලට සුදුසු නැහැ.
වැලිකඩ හිර ගෙයක් නැහැ නොවැ මාමේ...