( තිළිණි ද සිල්වා )
තමා ප්‍රථම වතාට මිණිබිරිය දැක බලා ගැනීමට හැකිවූ බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ සටහනක් තබමින් කියා සිටී.
ඉකුත්දා ඇමෙරිකාවේ නිව්යෝන් හී පැවති එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට ගිය අතරවාරයේ ඇයව දැක බලා ගැනීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතා සදහන් කර සිටී.
සිංහල , දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ජනාධිපතිවරයා ඒම සටහන තබා තිබිණි.
ජනාධිපතිවරයා සිය ෆේස් බුක් ගිණුමේ දැක්වූ සටහන මෙසේය.
''පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේදී මාගේ මිණිබිරිය ප්රථම වතාවට දැක ගැනීමට ලැබිණි.
මනෝජ් පුතණුවන් හට සහ සෙව්වන්දි දියණිය හට ඔවුන්ගේ කුලුඳුල් දෙමාපිය පදවියට නැවතත් මාගේ සුබ පැතුම් එක් කරමි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ එකම පුතුණුවන් වන මනෝජ් රාජපක්ෂ මහතා සහ ඇයගේ බිරිද සෙව්වන්දි රාජපක්ෂ මහත්මිය ඉකුත් මැයි මාසයේදී මව්පිය පදවිය ලැබූහ.ඔවුන් මේ වන විට ඇමරිකාවේ ජීවත් වති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඡන්ද දායකයින්ගේ දරුවෝ අවුරුදු 2ක් තිස්සේ ඉස්කෝලේ නැහැ... හරියට කන්න නැහැ... නමුත් මෙහෙම...!
ජනාධිපති සියේ, ශ්‍රී ලංකාවට ගොඩදාන්න. මම වගේ මව්බිම හැරදා ගිය අක්කලා, අයියලා, නැන්දලා, මාමලා ශ්‍රී ලංකාවට ඇවිත් සීයාට උදව් කරයි.
හැට නමයෙ අරුමය
බබා උක්කුන් පින්තූර පෙන්නලා ඔක්කොම වහගන්න පුළුවන්ද? කවුරු හරි මගේ කොණ්ඩේ බැඳලා වගේ දැනෙනවා.
මැතිණිය කළා වගේ එ් වැඩේට ගිය වියදම අතින් ගෙව්වද දන්නේ නෑ..?
අපේ බබාලට කිරිත් නැහැ. වෙනස
බබාට කිරිපිටි ගන්න මමත් පෝලිමට යනගමන් මමත් මේක දැක්කා
දරුවා දැක්කම හරි ආදරයක් ඇතිවෙනවා
රටේ ජනාධිපතිගෙයි, මුදල් ඇමැතිගෙයි පවුල් ඉන්නේ ඇමරිකාවේ... ඉතින් කොහොමද මේ අය රට දියුණු කරයි කියලා හිතන්නේ...
මේ සිඟිත්තාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. බුදුසරනයි
සතුටුයි...... චූටියෙක් නේද නිදුක් නිරෝගී සුව පතනවා.
දැන්නම් දැහැමින් සෙමින් රාජ්‍ය පාලනය කරලා බැහැ.
එහෙනම් එතුමාගේ ප්‍රධාන අරමුණ ඉටුවෙලා...