IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මැණික්,ස්වර්ණාභර්ණ අපනයනකරුවන්ට අගමැතිගෙන් පොරොන්දුවක්

(සුජිත් හේවාජුලිගේ )

මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු  විසදීමට රජය අවධානය යොමු කරන බව  අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (21) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් එම අපනයන කරුවන් පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී අද (21)පැවති සාකච්ඡාවකදීය.

අපනයන විනිමය වර්ධනය කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රය මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අංශයද  සැලකිය යුතු දායකත්වයක් ලබා දිය යුතු බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා සියලු පහසුකම් දැනටමත් ලබා දී ඇති බවත් අපනයනකරුවන්ගේ අලවිය මත පදනම්වූ ආදායම් බදු  මෙරටදී විදේශ මුදල් භාවිතා කෙරෙන අවස්ථාවලදී නිදහස් කිරීම කෙරෙහිද  අවධානය යොමු කර ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා  කීවේය.

මෙරට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය  ලෝ පුරා වඩාත් ප්‍රචලිත කිරීම කෙරෙහි ගත යුතු  ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අගමැතිවරයාගේ අවධානය යොමු විය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටියදී 2015 වර්ෂයේ දී තමන්ට ලබා දුන් සහන පසුගිය රජය අහෝසි කළ බවත් අපනයනය කෙරෙහි සෘජුව බලපාන එම සහන යළි ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත්  මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවෝ පිරිසක් මෙහිදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ .

අයවැය මගින් අපනයනකරුවන් සඳහා දැනටමත් සහන ලබාදී  දී ඇති බවට මෙහිදී පෙන්වා දුන් අගමැතිවරයා එම හන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේදැයි අවධානය යොමු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය .

 



අදහස් (5)

මැණික්,ස්වර්ණාභර්ණ අපනයනකරුවන්ට අගමැතිගෙන් පොරොන්දුවක්

de silva Monday, 21 June 2021 05:16 PM

මැණික්, ස්වර්ණාභරණ පමනක් නොව ලංකාවේ ව්‍යාපාර කරන හැමදෙනාම මුහුණ පාන විශාල ප්‍රශ්නයක් තමයි. ලංකාවේ තිබෙන කිසිම පදනමක් නැති ඉතා සංකීර්ණ නීති... ලංකාවේ ඉන්න ජනගහනයට සාපේක්ෂව රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ ප්‍රමානය ඉතා අධිකය. විවිධ දේශපාලකයින් විසින් ආධාර කරුවන්ට රජයේ රැකියා ලබාදී ඇත. ඔවුන් විසින් පගාගැනීමේ අරමුණ ඇතිව විවිධ සංකීර්න නීති නිර්මාණය කර පනත් මගින් සම්මත කරගෙන ඇත. එමනිසා සාමාන්‍ය මනුස්සයෙක්ට සුලු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ඇරඹීමේදී විශාල ලෙස පගාද ලබාදිය යුතුය..එහෙම නොමැති නම් දේශපාලක අනුග්‍රහයක් අවශ්‍ය වෙනවා. අපනයනයට සම්බන්ධ ව්‍යාපාරවලට මේ ප්‍රශ්නය ඉතා දරුණුවට බලපානවා..

:       1       6

Prse Monday, 21 June 2021 06:50 PM

පිටරටවල් වලින් ණය අරගෙන ලංකාවේ නිකන් බෙදුවට වැඩක් නැහැ.. ඩොලර් 01 ණයට ගන්නවා නම් 2 කරන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ...

:       0       13

විපරමා Monday, 21 June 2021 07:58 PM

පොරොන්දු නම් ඕන හැටියේ දෙන්න බැරිකමක් නැහැනේ... ඒවා ඉටු කරන එක තමයි අවුල...

:       0       21

Rata Perata Tuesday, 22 June 2021 02:44 AM

මේ අර දැන් සැපද කියලා අහපු විහිළුකාරයා නේද? අනේ මේ කිසි පොරොන්දුවක් ඕනෑ නෑ.. කරුණාකරලා ඉල්ලා අස්වෙන්න.

:       0       0

ganegoda Tuesday, 22 June 2021 12:10 PM

ඔය උදේ ඉඳන් රෑ වෙනකම් ධර්මිෂ්ඨකම් ගැන කියවන මහින්දලටමනේ මැණික් මලු අහසින් පාත් වෙන්නේ... මතකයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 136 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site