(සුජිත් හේවාජුලිගේ )
"මැණිකේ මගේ හිතේ" ගීතයෙන් ලෝකය පුරා ඉහළ රසික ජන ප්‍රසාදයක් දිනාගත් යොහානි ද සිල්වා නව පරපුරේ තරුණ ගායන ශිල්පිනියට උපහාර පිදීමේ උත්සවයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 23 වැනිදා පෙරවරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණදීර මහත්මිය පැවසුවාය.
අගමැති මහින්ද රාජපක්ෂ සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසිනි.
යොහානි ද සිල්වා මෙනෙවිය මෙදින පෙරවරුවේ කතානායක ගැලරියටද කැඳවා ගෙන එනු ලබන්නීය.
මේ අවස්ථාවේදී කතානායකවරයා පාර්ලිමේන්තු සභාව අමතමින් ඇයගේ පැමිණීම දැනුම්දීමට නියමිත අතර සියලු මන්ත්‍රීවරුන් එහිදී ඇයට සුබ පැතුම් පිරිනැමීමට නියමිතය.
ඉන් අනතුරුව ඇය පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන උත්සව සභාව වෙත කැඳවා ගෙන යනු ලබන අතර එහිදීද ඇයට විශේෂ උපහාර පිදීමක් සිදු කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙහිදී කතානායකවරයා උත්සව සභාව අමතමින් යොහානිද සිල්වා රංගන ශිල්පිනියට සුභාශිංසන එක් කිරීමට නියමිතය.
පිළිගැනීමේ කතාව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සිදුකරනු ලබන අතර ස්තූති කතාව පවත්වනු ලබන්නේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානී රෝහණදීර මහත්මිය විසිනි.
ගායන ශිල්පිනියට අගමැතිවරයා අතින් උපහාර තිළිණය ප්‍රදානය කෙරෙන්නේ ඉන් අනතුරුවය.
මේ අතර යොහානි ද සිල්වා මෙනවිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් දිවා භෝජන සංග්‍රහයක්ද එදින පිරිනමනු ලැබේ.
මැණිකේ මගේ හිතේ ගීතය හරහා ශ්‍රී ලංකාව ලෝකයට රැගෙන ගොස් ඉහළ තැනකට ඔසවා තැබීම අගය කිරීම සඳහා මෙම උපහාර උත්සවය සංවිධානය කරන බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.
COMMENTS
ආණ්ඩුවට පිස්සුද එහෙම නැත්නම් මට පිස්සුද.? ලොකු ප්‍රශ්නයක්.
මැණිකේට මැතිසබයේදී ස්තුති කතාවක් කිරීමට අවස්තාවක් ලබා දුන්නොත් ,වර්තමාන පාර්ලිමේන්තුව නුදුරු අනාගතයේදී ගෞරවනීය පාර්ලිමේන්තුවක් දැකීම රටේ ජනතාවගේ අභිලාශය බව නිසැකවම කියනු ඇත
අනේ පරිස්සමින් මැණිකේ !
මේකට සල්ලි වියදම් කරන්නේ අපරාදේ ,බොරු වැඩ
මැණිකේ හම්බකරන් ආපු ඩොලර් ටිකටත් විද්දද?
යොහානිද සිල්වා රංගන ශිල්පිනියට ?????
යොහානිද සිල්වා ශිල්පිනියට සුභාශිංසන එක් කිරීමට නියමිතය. 225 ලඟට ගිහාම ගීත අමතකයි.
225යි අර එක්කෙනයි ඔය සින්දුවට නටන ටික් ටෝක් වීඩියෝ එකක් දැම්මානම් හරි මිනිස්සුන්ට පෝලිම් වල ඉන්නගමන් බල බලා ඉන්න.
රටේ කෙරෙන අනික් වැඩ දිහා බැලුවාම මේක පුදුම වෙන්න දෙයක් නොවෙයි. උපහාරය කරන්නේ ලෝකය පුරා ඉහළ රසික ජන ප්‍රසාදයක් දිනාගත් නිසා මිස වෙන වටිනා කමකට නොවෙන බව පෙනෙනවා. සබ්ද රසයට වඩා දෙයක් මට නම් මෙහි නැහැ.? මෙයාගේ තව ගීත තිබෙනවාද?
අපට කන්න නැතිව ඉන්නවා මේ ගොල්ල බයිලා ගහනවා.
මේක හොඳ වැඩක්. යොහානිට වගේම මේ ගීතයේ මුල් ගායන් ශිල්පීන්ට හා තනු, සංගීත නිර්මාණ ශිල්පීන්ටත් මෙම ගෞරවය හිමි විය යුතුයි.
අනේ හොඳයි. ඔහොම හරි පාර්ලිමේන්තුවෙන් වැඩක් ඇති දෙයක් කෙරෙනවා කියලා පෙන්නන එකට.
යොහානි පුතේ, ඔයා ජ්‍යාතන්ත්‍රය ජය ගත්තාට අපේ රටේ මා ඇතුළු සියලුම මහජනතාව ඔබට ප්‍රශංසා කරන්නෙමු. ඒත් ඔබට ඔට පුදන නම්බු නාම බාර ගත යුත්තේ පරෙස්සමට. ඔය 225 ට නම් ඔබ විකිනෙන්න නම් එපා. ඔබෙගේ දක්ශතාවයට අපිත් ආචාර කරනවා. ඔබට ජය !
නැව ගිලුනත් බෑන් චුන්.
කර කියාගන්න දෙයක් නැතිව හිටපු පොහොට්ටුවන්ට හොඳ පල්ලම.