
එංගලන්ත රජ පවුලට සම්බන්ධ වීමෙන් පසුව ඇතිවූ ප්‍රශ්න හේතුවෙන් තමන් සියදිවි හානිකර ගැනීම ගැනත් සිතා බලමින් සිටි බව හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මේකල් මහත්මිය කියා සිටියාය. ඇමරිකානු රූපවාහිනී සේවයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇය ඒ බව පවසා සිටියාය.
ලෝකය පුරාම මහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් දින කිහිපයක සිටම විවාද සම්පන්න සාකච්ඡා ඇතිවී තිබිණ. එහෙත් එය විකාශය වූයේ ඊයේ (ඉරිදා) රාත්‍රියේදීය.
එංගලන්ත රජ පවුලට සම්බන්ධව සිටියදී එහි තිබූ ජාතිවාදය පිළිබඳ තමන්ට අනියත බියක් පැවැති බවත් ඇය කියා සිටියාය.
රාජකීය ජීවිතයෙන් නිල වශයෙන් ඉවත්වීම පැහැදිලි කරමින් මේගන් කියා සිටියේ තමන් මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතරතුරදී ඇයට උදව් නොලැබුණු බවත්, තමන්ව බොරුවලින් ඉලක්ක වූ බවත්, ඇගේ නූපන් පුතාගේ සමේ පැහැය පිළිබඳව රජ පවුලේ උදවිය නිල වශයෙන් සැලකිලිමත් වූ බවත්ය.
එංගලන්තයේ ඔටුන්න හිමි II වැනි එළිසබෙත් රැජිනගේ මුණුබුරා වන හැරී කුමරුන්ගේ බිරිඳ, මේගන් මේකල්, ඇමරිකානු ජාතික කාන්තාවකි. ඇයගේ පියා සුදු ජාතිකයකු වන නමුත් මව කළු ජාතික කාන්තාවකි.
සුප්‍රකට මාධ්‍යවේදිනියක වන ඔපාරා වින්ෆ්රි සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේගන් මේකල් කළ ප්‍රකාශයන් හේතුවෙන් එංගලන්ත රජ පවුලේ අභිමානය දෙදරා ගොස් තිබේ.
“මට ... තවදුරටත් ජීවත් වෙන්න වුවමනාවක් තිබුණේ නෑ. එය ඉතා පැහැදිලිවම, සැබෑ ලෙසින් බිය උපදවන නිරන්තර සිතුවිල්ලක් වුණා” ඇය වින්ෆ්රිට පැවසුවාය.
ඇයට සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවූයේ යයිද ඇසූ විට මේගන් පිළිතුරු දුන්නේ “ඔව්... එය ඉතා පැහැදිලියි” යනුවෙනි.
එම අවස්ථාවේ ඇයට දැණුනු හැඟීම් සිහිපත් කරමින් ඇය පැවසුවේ “මම බයයි, මන්ද එය හැම අතකින්ම සැබෑ හැඟීමක්.. එය කොහෙන් හෝ පාවී ආ අදහසක් නොවේ.... ඒක සැබෑ අදහසක් වුණා... ඒත් ඒම ම නෙමේ” යයිද ඇය පැවසුවාය.
39 හැවිරිදි මේගන්, තම පුතාගේ සම කෙතරම් අඳුරු වනු ඇත්ද යන්න ගැන රාජකීයයන්ගේ “කනස්සල්ල” සම්බන්ධයෙන් බියවී සිටියාය. ඇගේ පුතු වන ආචීගේ පෙනුම පිළිබඳ රාජකීයයන්ගේ උනන්දුව ගැන මෙන්ම 2019 මැයි මාසයේ උපත ලැබීමට පෙර සිටම ඔහුට හිමිවිය යුතු ආරක්ෂාව පිළිබඳවද මහරැජිනගේ මුණුබුරා වන හැරී සිය බිරිඳට හෙළිදරව් කර තිබිණ. ආචි කුමරුන් උපත ලද්දේ 2019 මැයි මස 6 වැනිදාය.
“මම ගැබිනියක්ව සිටි ඒ මාසවලදී ... “ඔහුට ආරක්ෂාව දෙන එකක් නෑ... ඔහුට (රාජකීය) තනතුරක් දෙන එකක් නෑ...වගේ දේවල් අපි එක දිගට ඒ ගැන සාකච්ඡා කළා”. ඔහුගේ සමේ පැහැය කෙතරම් අඳුරු විය හැකිද යන්න ගැනත් ඔහු උපදින්න පෙර ඉඳන්ම සාකච්ඡා ඇතිවුණා” යයි මේගන් ඔපාරා වින්ෆ්රිට පැවසුවාය.
රාජකීය යුවළ උතුරු ඇමරිකාවට පදිංචියට යාමේ තීරණයෙන් පසු මේගන් මේකල් සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය පුවත්පත්වල විවිධ ආකාරයෙන් ඇය සම්බන්ධයෙන් වාර්තා කෙරිණ. ඔවුන් කියා සිටියේ හැරී කුමරුන් සහ බිරිඳ සිය පුතුද රැගෙන ඇමරිකාවට යාම නොසැලකිලිමත් හා ආත්මාර්ථකාමී තීරණයක් ලෙසිනි.

-ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි
COMMENTS
වෙන මුකුත් ප්‍රශ්න නැහැ ලංකාවේ... මේවා තමයි රාජකීය ප්‍රශ්න අපිට තිබෙන.
මෙගන් ඇමෙරිකාවේ නිළියක්ව සිටියදී ගතකළ ජීවිතය ඉතාම නිදහස් වූ අතර ඇය එංගලන්ත රජ පවුලට සම්බන්ධ වීමෙන් පසුව මෙගන්ට එම ඇමෙරිකානු ජීවිතය රජ ගෙදරදී ගත කිරීමට කෙසේවත් නොහැක සහ නොලැබේ. බකිම්හැම් මාලිගය යනු රැජිනගේ නිවස වුවද එහි විශාල සේවක පිරිසක් සිටියි. මෙගන්ගේ අතීතය පිළිබඳව සැලකීමේදී ඇය ගතකළ නිදහස් ජීවිතය අතහැර රජගෙදර දිනපතා සැලසුමකට අනුව ගතකරන්නාවූ ජීවිතය අනුගත විය නොහැකිය. හැරී රජගෙදර සිටියද තරමක් සෙල්ලක්කාර නිදහස් ජීවිතයක් ගතකළ කෙනෙකි. හැරී සහ ඔහුගේ බිරිඳ වන මේගන් මේකල් ඔවුන්ට ගැලපෙන පහසු ජීවිතයක් ගත කිරීමට ගත් තීරණය නිසා ඇමෙරිකාවේ පදිංචිය තෝරාගෙන ඇත. ලෝකය පුරාම මහත් ආන්දෝලනයක් ඇති කිරීමේ අභිලාශයක් ඇතිව කළ හෝ අවශ්‍ය තත්වය මත කළ මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව නිසා මෙගන්ට තාවකාලික වාසියක් ඇති වුවත් එංගලන්ත රජ පවුලට මෙයින් කිසිඳු හානියක් නොමැත. එංගලන්ත රජ පවුලට සම්බන්ධව සිටියදී එහි තිබූ ජාතිවාදය පිළිබඳ තමන්ට අනියත බියක් පැවැති බව මෙගන් කීවද රැජින නායකත්වය දෙනුලබන බහුතරයක් කොමන් වෙලත් රටවල් ආසියානු සහ අප්‍රිකානු රටවල්වේ..
මට හිතෙන්නේ අපේ රටවලටත් නරක ගතිගුණ එන්න ඇත්තේ මොවුන් හරහා. රජපවුල කෙතරම් පහළ මානසිකත්වයකින්ද ඉන්නේ?
චැනල් - 4 නාලිකාව කියන්නේ කොටින්ට අම්බානකට කඩේ ගිය නාලිකාවක්. පසුකාලෙක ඒකේ මූල්‍ය ප්‍රශ්නයකදී ඔප්පු වුණා ඒකේ සම්පූර්ණ අයිතිය මහ රැජිනට අයිති වෙලා තිබුණු බව. ලෝකෙන් භාගයක් පාලනේ කරාට, බල තණ්හාසේ උතුරා හැලෙනවා ඔය රජ පවුලේ.
මානව හිමිකම් ගැන අපිට උගන්වන්න එන රට...!
මම මාස 12 කොරොනා නිසා ජොබ් නැතුව ගෙදර. ඉන්නෙත් කුලියට... මාසයක්වත් අඩු නැතුව කුලිය දෙන්නත් ඕනෑ. බබාලා දෙන්නට, බිරිඳට කන්න, බොන්න දෙන්න ඕනෑ. ඔක්කොම බලන්න ඕනෑ. ඇඳුමක් අරන් නැහැ අවුරුද්දකින්.. කැමැති කෑමක් කාලා නැහැ අවුරුද්දකින් එළියට ගිහින්. දවසේ පඩියට වැඩ...
මානව හිමිකම් ගැන උපදෙස් දෙන ගොඩක් සුද්දන්ගේ වැඩ ඔහොමයි. ඇමෙරිකාවේ පාරේ බල්ලෝ බළල්ලු ගානට කළු මිනිසුන් මරණ එක ගැන කවුරුවත් කතා නැහැ.
සුද්දන්ගේ රටවලට ඇවිත් සුද්දා ව්ර්ණනා කර මව්බිම බින්දුවට බස්සලා කතා කළාට මෙහෙ තත්වය ඕකයි. අපිව රෝහලකට බාරගන්නේ නැහැ.
මොනවා නැතත් අපේ අය සති 03ට පමණ ලංකාවට නිවාඩුවට ආපුවාම දරුවන් ඉංග්‍රීසියෙන්, ප්‍රංශයෙන්, ඉතාලියෙන් කතා කරන කොට ඒ අයට සිංහල බැහැ කියලා අහළ පහළ කියන්නේ හරිම උජාරුවෙන් මහමෙරක් ලැබුණා වගේ.. කළු, සුදු බේදය නිසා දරුවෝ ඉස්කෝලේ යන්න බෑ කියලා අද වචනයක් වත් කතා කරන්නේ නැහැ.. ඒ වගේද සති 03?
පරම්පරා කීපයකට පෙර මේ සුද්දන්ම අපේ මුතුන්මිත්තන් වන හෙළයින්ව සමූල ඝාතනය කර අපේ සම්පත් කොල්ලකෑ බව නොරහසකි. එහි ප්‍රතිඵල දැන් දැන් ලබාගනිමින් සුද්දන්ම එවන් පාපකර්ම නිසා වෙනත් දිශාවකින් විඳවනවා නොවේද? මෙය සුද්දන්ට පමණක් නොව අප සැමටම පොදු ධර්මතාවයකි.
රජ පවුලේ ප්‍රශ්නය පැත්තකින් තියමුකෝ.. අනුන්ගේ දොස් හොයන්න අපි වර්තමානයේ හරි ශිෂ්ඨයි කියා අපි හිතන්නේ.. අපේ බුද්ධිමත් ජනතාව බොහෝවිට රට බාරදෙන්නේ හොරුන්ට, තක්කඩින්ට, මංකොල්ලකාරයින්ට හා මිනීමරුවන්ට. එහෙව් අය තමයි, අපව හා රට පාලනය කරන්නේ..!!! අඩුම තරමේ අද බෙල්ල කපලා බෑග් එකේ දාලා තමයි ගෙනියන්නේ කඳ කොටස. බෙල්ල හොයනවා බොරු... තව ඍණ පැත්තේ සුදුසුකම් බොහෝමයි අපට... ඔය සුද්දන්ට පුලුවන්ද අපට ඒ අතින් අලගු තියන්නටවත්... එහෙව් සුදුසුකම් තියෙන අපි අපට කිට්ටු වෙන්නවත් බැරි සුද්දන්ගේ අඩුපාඩු කතාකිරීම හොඳ නැති බව තමයි කියන්න තියෙන්නේ. මං කිව්වේ අතීත කාලය ගැන නෙමෙයි. අපගේ වටිනා වර්තමාන කාලය ගැනයි. අපේ හැදියාව ඒ තරම්ම අද විශිෂ්ටයි. අපේ වර්තමානය අපට ගෙනදෙන්නේ මොනතරම් ආඩම්බරයක්ද නේද..?
කලු, සුදු භේදය අඩන්තේට්ටම් පහරදීම් දරුවන්ට දරාගන්න බැරි නිසා ගෙවල්වලින් දරුවෝ පැනලා යනවා. මාලිගාවේ ඔහොමනම් පිට කොහොම ඇද්ද? කියලා ලෝකෙට හිතාගැනීම පහසුයිනේ..
අමුඩේ ගහගෙන හිටපු අයට කලිසම අන්දවපු එක තමයි සුද්දෝ කළ ලොකුම වැරැද්ද? මෙතන සුද්දන්ට සද්දෙට බුරන කුක්කන්ට වලව්වක් පැත්තේ ගියා නම් රජතුමා ආයේ අමුඩය අන්දවලාම එවයි... තමන්ගේ තරම දැනගෙන ජීවත් වෙයල්ලා මිනිසුනේ.. නුඹලාගේ ලොකු ලොක්කන්ගේ දරුවෝ විතරක් නෙමේ.. මහ එකාලත් සුද්දන්ගෙන් ඒ රටේදී ටොකු කාලා මෙහෙ ඇවිල්ලා උඹලා ඉස්සරහා සුද්දන්ගේ පලු අරිනවා. ඒකටත් එක්ක උඹලාගේ සමහර කෙරුම් කාරයෝ සුද්දන්ගේ රටේ දෙවැනි පෙලේ, විජාතික පුරවැසියෝ... තව මෙතන පම්පොරිත් ගහනවා ලජ්ජා නැතිව? නුඹලා, නුඹලවම රවට්ටගෙන ජීවත්වෙන විපරිත ජාතියක් බන්..!!!
මෙයා රජ පවුලේ ජිවිතේ ගැන දන්නේ නැතුවද රජ පවුලට බැඳුනේ?
තම ආදරණීය පෙම්වතිය, බිරිඳ, දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ සතුට නිදහස වෙනුවෙන් විශිෂ්ඨතම කැපකිරීම කළ මිනිසා ඔහුයි. මෙවන් කැපකිරීමක් කළ මිනිසෙකු මා අසා නැති තරම්...