(රංජන් කස්තුරි)
මෝටර් වාහන සඳහා මේ වසරේදී අනිවාර්යෙන්ම කාබන් බද්ද ගෙවිය යුතු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෝටර් වාහන සඳහා වන කාබන් බද්ද මේ වසරේ ජනවාරි මස පළමු වැනිදින සිට ක්‍රියාත්මක් නමුත් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තවමත් කාබන් බද්ද අයකර ගැනීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොවන බවද ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදායම් බද්ද අයකර ගෙන නැතැයිද පැවසේ.
කෙසේ නමුත් එලෙස කාබන්බද්ද අය නොකළ වාහන හිමියන්ගෙන් මේ වසර ඇතුළත එම බද්ද අයකර ගැනීමට ක්‍රමවේදයක් සකස් කර ගන්නැයි මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් උපදෙස් නිකුත් කර තිබේ.
ඒ අනුව මෙතෙක් කාබන් බද්ද නොගෙවා ආදායම් බලපත්‍ර ලබාගෙන ඇති මෝටර් රථ හිමිකරුවන්ට ඉදිරි මාස කිහිපය තුළ එම බද්ද ගෙවීම අනිවාර්ය වන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කොළ සහතිකය (ග්‍රීන් සර්ටිෆිකේට්) කියන්නේ පරිසරයට හානිකර දුම් පිටවීම නිවැරදි කර පරිසර හිතකාමීව වාහන ධාවන කරන්න අයකරන දුම්බට බද්දක් නේද? එතකොට කාබන් බද්ද කියන්නේ වාහනය එලවන මහතාගේ පශ්චාත් භාගයෙන් පිටවෙන පරිසරයට අහිතකර වාත බද්දක්ද?
ඔන්න දැන් රවීට කෑගහන්න මාතෘකාවක් ආවා...
ඉලෙක්ට්‍රික් වාහනවලටත් කාබන් බද්ද පවතින, එකම රට සිරි ලංකාව...
ඔය ගන්න බදු මුදලෙන් පරිසර හානිය අවම කිරීමට මොනවද කරන්නේ?
මට හිතෙන විදිහට ලංකාවේ වැඩිපුරම කළුදුම් පිටකරන වාහන තියෙන්නේ ලංගම (බස් ) ආයතනයෙයි. ලංගම බස් කළු දුම් පිට කරනවා කියලා පොලිසියෙන් අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ මේ රටේ නීතිය දෙවිධියක් බව නැවතත් ඔප්පුවෙනවා.
නැතුව නැතුව. ඔං තවත් තිබුනා බාල වර්ගයේ පෙට්‍රල් ගෙන්වනවා කියලා. ඔක්ටේන් 90 පෙට්‍රල් ගෙනල්ලා ඒවා ඔක්ටේන් 92 ලෙස විකුණනවාලු. එහෙම ගෙන්නන කට්ටියගෙන් ඔය බදු මුදල අය කරගන්න විදියක් නැද්ද? නැතිනම් බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ ද ?
මේක මහ දවල් මංකොල්ලයක් දුම් සහතික කියක පසුම්බියට විදිනවා අනිත් පැත්ත හැරිලා ඒකම වෙන නමකින් කාබන් බද්ද කියල ගන්නවා. හැබැයි කාට හරි ඕන නම් ඔය මොන දුම් සහතික අරවා මේවා නැතුව වැඩේ කරගන්න, ඒවටත් ක්‍රම තියනවා හැබැයි පුද්ගලිකයි රහසිගතයි.
මම ලයිසන් ගත්තේ අන්තර් ජාලය හරහා. නමුත් කාබන් බද්දක් ගෙවන්න තිබුනේ නැහැ.
ඇමෙරිකාවේ නම් අවුරුදු 10ක් ඉක්මවූ වාහන පමණයි දුම් පරික්ෂාවක් වාර්ෂිකව කලයුත්තේ. හේතුව තමයි කාබන් දූෂණය පටන්ගන්නේ දල වශයෙන් අවුරුදු 10ක් පරණ වූ වාහන වලින් පමණි. නමුත් අපේ ශ්‍රී දිවයිනේ රජයට ආදායම් ලබාගැනීමට / ගතමනාවක් අත යටින් ලබාගැනීමට ඇතිකළ ක්‍රමයක් පමණයි.
අනේ මන්දා. දුම් සහතිකෙත් තියෙනවා, කාබන් බද්දකුත් ගහනවා. ඒත් පාරවල්වල දුම් දාගෙන යන වාහනත් තියෙනවා. මොන විහිලුවක්ද මේ?
හරිනම් කාබන් බදු ගහන්න ඕනේ දුම් පරීක්ෂණය කරලා එන්ජින් හරියට නඩත්තු නොකිරීම නිසා අධික ලෙස විෂ දුම් පිට කරන වාහන වලට පමණි. එන්ජින් ධරිත්වට බදු ගහනවා නම් දුම් පරීක්ෂණයක් කුමටද ?
ලංගම බස් තමයි වැඩිපුරම කළු දුම් පිට කරන්නේ.ඒ අයගේ බස් කාබන් පරික්ෂාවට යවන්නේ නැත්තේ ඇයි..?.
ප්‍රමිතියෙන් බාල පෙට්‍රල් (ඔක්ටේන් 90 හෝ ඊට අඩු ) ඉන්ධන හල්වල් වලින් නිකුත් කරන බව පසුගිය දිනෙක ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් කරන ලද පරීක්ෂන වලදී තැවරු වී ඇති බව අද දින පුවත්පත්වල පලවිය, තත්වයෙන් බාල පෙට්‍රල් වාහන වලට යොදා දුම් පරීක්ෂා කිරීමේ තේරුමක් තිබේද ? එහෙම නම් ඉන්ධන පිරවුම්හලවල් වල තිබෙන පෙට්‍රොල්ද දිනපතා පරීක්ෂා කලයුතුය. වර්තමානයේ ඔක්ටේන් 92 පෙට්රෝල් භාවිත කරන්නේ ලෝකයේ රටවල් අතලොස්සකි , කරුණාකර පරිසරය ආරක්ෂා කරන්න නම් අවම වශයෙන් ඔක්ටේන් 95 පෙට්රෝල් භාවිත කිරීමට ආණ්ඩුව කටයුතු කල යුතුය,
දැනට ලංකාවේ පවතින දුම් පරීක්ෂණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අසාර්ථකයි. කළයුත්තේ අහඹුලෙස මාර්ගයේ යන වාහන නවතා ජංගම දුම් පරීක්ෂක ස්ථාන මගින් පරීක්ෂණය කර, අධික ලෙස විෂ වායු පිටකරන වාහනවලට අනුමත ප්‍රමාණයට වැඩියෙන් පිටවන විෂ වායු ප්‍රමාණයට දඩයක් ගසා එම වැරදි නැවත නිවැරදි කරගෙන වාහනය නැවත පරීක්ෂණයට ඉදිරිපත් කිරීමට සති 3ක පමණ කාලයක් දීමය. දැනට පවතින ක්‍රමය අනුව වාහන හිමියන් දුම් පරීක්ෂණයට යන දිනයට වාහනයේ එන්ජිමේ තෙල් අඩුකර හෝ මොනයම් උප්පරවැට්ටියක් යොදලා හෝ එතැන සේවය කරන මනුස්සයාට කීයක් හෝ දීලා දුම් පරීක්ෂණය සමත් වෙති. එමනිසා පාරේ යන වාහනවලින් පිටවන විෂදුම් අඩුකරගෙන පරිසර දූෂණය අවම කරගෙන කලින් බලාපොරොත්තු වුණු දෙය ඉටු කරගත නොහැකි වී ඇති අතර විෂ දුම් ප්‍රමාණය අඩුවෙන් පිට කරන වාහන හිමියන්ට අනවශ්‍ය ගාස්තුවක් ගෙවීමට සහ රස්තියාදුවක් වීමට සිදුවී ඇත.
පාලකයන් විසින් තම රට යහපත් ආර්ථික තත්වයකට ගෙනයාමේ නොහැකියාව නිසා ජනතා බදුමුදල් වලින් රට කරගෙන යාම උදෙසා එකඑක නම්වලින් ජනතාව මත අධික බදු පැටවීමේ තවත් එක් උදාහරණයක්...
මේ වසරේ අනිවාර්යෙන්ම 225 ම ගෙදර යැවිය යුතුයි