IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


මොටර් රථ අනතුරින් දෙමස්සිනෝ මරුට

(පැතුම් දර්ශන)

ගලෙන්බිදුනුවැව - කැකිරාව මාර්ගයෙ ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ගෝමරන්කල්ල පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටි හුරුළු වැවේ වම්ඉවුර ඇළට වැටීමෙන් සිදුවු  අනතුරකින් එම මෝටර් රථයෙ ගමන් ගත් දෙදෙනකු   මිය ගොස් ඇතැයි ගලෙන්බිදුනුවැව පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගලෙන්බිදුනුවැව, කුඩා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දෙදරු පියකු වු ලලිත් ප්‍රසන්න වීරසිංහ සහ 42 එක් දරු පියකු වු ඩීමන් සෙනවිරත්න යන ඥාතිත්වයෙන් මස්සිනාලා දෙදෙනකු බව පොලිසිය කියයි.

කුඩා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ අවමංගල්‍යය ගෙදරකට සහභාගී වී අවශ්‍යතාවයක් සඳහා ඥාතියකුගේ මෝටර් රථයක් රැගෙන ගලෙන්බිඳුනුවැව නගරයට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

මාර්ගයෙන් ඉවතට පැන ඇති මෝටර් රථය විදුලි රැහැන් කනුවේද හැපි ජලය පිරී තිබූ වම් ඉවුර ඇළට වැටී ඇත්තේ රෝද හතර උඩට සිටින ලෙසටය.

ඒ හේතුවෙන් මියගිය පුද්ගලයන් වාහනයෙන් එලියට ගැනීම සඳහා අනතුර සිදු වූ මාර්ගයෙ විදුලියද විසන්ධි කරවීමට පොලිසියට සීදුවී තිබිණ.

වාහනය තුළ සිරවී සිටි පුද්ගලයන් දෙදෙනා පොලීසිය සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා එළියට ගෙන තිබුණ මුත් ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය වැඩිදුරටත් කීය.



අදහස් (1)

මොටර් රථ අනතුරින් දෙමස්සිනෝ මරුට

Bunny Preena Wednesday, 09 March 2022 02:35 PM

වේගය පාලනය කරගන්න බැරිව ගියාද දන්නේ නැහැ. කවුරුවත් හිතලා නැතිව ඇති මේ වගේ දෙයක් වෙයි කියලා. බොහෝම කණගාටුදායක මරණ දෙකක්. ඔවුන්ට නිවන් සුව පතමි...!

:       2       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1993 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 629 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site