(කේ බුද්ධික කුමාරසිරි )
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශී‍්‍ර අරංගල මහතා (63) අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය.
පරණ පාර මීගොඩ ප‍්‍රදේශයේ ඉපිද මීගොඩ ගැහැණුගල කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාර මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් හා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා දිවංගත හිටපු අමාත්‍ය ගාමිණි ජයසූරිය මහතා සමඟ එක්ව වර්ෂ 1977 සිට කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිස තිබේ.
පසුව හෝමාගම විවිධ සේවා සමූපකාරය හෝමාගම ප‍්‍රාදේශීය සභාව ආදී ආයතනවල සභාපති ධූරය දැරූ ඒ මහතා පසුව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන ලදී.
COMMENTS
හොද මහත්තයෙක්. පක්ෂ පාට නොබලා හරි දේට හරියි කියපු කෙනෙක්. ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වශයෙන් ගෝඨාභය මහතා කල දේවල් හොදයි කියන්න කොන්දක් තිබුණු යුඑන්පි මහත්තයෙක්. එහෙම අය එජාපෙ පාක්ෂිකයෝ අතර හරිම අඩුයි. මංජු ශ්‍රී අරංගල මහතාට නිවන් සුව ලැබේවා.!
මංජු ශ්‍රී අරංගල මැතිතුමා හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති දුරය දරන කාලේ අපි දැක තිබෙනවා අතුරු පාරවල්වලට තාර දමා කරන ප්‍රතිසංස්කරණ වැඩ ගස් හෙවන යටට වී එතුමා පරික්ෂාවට භාජනය කල අයුරු. මොන ප්‍රාදේශීය සභා සබාපති වරයෙක්ද එවැන්නක් කරනවා දකින්නට පිළිවන්? එතුමාට අපගේ ආචාරය.
ඉතාම වැදගත් නිහතමානී වචනයේ අර්ථයෙන්ම මහත්මයෙකි.
නිවන් සුව ලැබේවා!
නිහඩ වැදගත් මහත්මා දේශපාලකයෙක්
මහත්මා දේශපාලනේ අවසාන පුරුක... මිනිසුන් හම්බකල මුදල් පසුපසනොගිය නියම මහත්මයෙක්.. හොඳ මිනිසුන් ඉක්මනට දෙවියන් ලඟටයනවා.....
එතුමාගේ මහත්ම දේශපාලනය නිසා අපේ පක්ෂේ ලොකු මහතුන් එතුමාව සංවිධායක කමෙන් අයින් කලා
අගයකලයුතු චරිතයක්. එතුමාට නිවන් සුව පතමු.
මේ වගේ අවංක දේශපාලකයෝ රනිල් රවී රාජිත වගේ කීප දෙනෙක් විතරයි ඉන්නේ.
අපිට හරිම පාඩුයි. හෝමාගම ඡන්දෙ කරන්න කෙනෙක් නෑ සජිත් මහත්තයාට... මේක නොවිය යුතුව තිබුන දෙයක්.. දැන් හෝමාගම අපිට අවාසි වෙනවා...
නිවන් සුව පතමු ... !!!
බොහොම වැදගත්, අවංක, නිහතමානී දේශපාලකයෙක්... අද කාලේ ප්‍රාදේශීය සභාපතිලා එක්ක බැලුවම අහසට පොළව වගේ. එතුමාට නිවන් සුව ලැබේවා...!!!