
( තිළිණි ද සිල්වා )
මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැචෙලේ මහත්මිය පැවසුවාය.
මෙවැනි සිද්ධීන් ගැන කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය කියා සිටින්නීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරය අමතමින් ඇය සඳහන් කළාය.
සුළු ජාතීන්ට සිදුවන හිරිහැර හා අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සිදුකර ඇති පත්වීම් පිළිබඳව ද සිය අවධානය යොමුව ඇති බව ඇය එහිදී වැඩිදුරටත් කීවාය .
ලබන සැප්තැම්බර් මාසයේ දී එම කටයුතුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මානව හිමිකම් මහකොමසාරිස්වරිය කියා සිටියාය. කෙසේ වෙතත් මානව හිමිකම් ගැන ශ්‍රී ලංකා රජය සමඟ තවදුරටත් එක්ව කටයුතු කරන බව මිචෙල් බැචෙලේ මහත්මිය ප්‍රකාශ කර තිබේ.
COMMENTS
අනේ හාමිනේ පුලුවන්නම් ලංකාවට ඇවිල්ලා මෙහෙ තරුණ පරපුර වන්දන මත්කුඩු ජවරම්කාරයෝ ටික නැති කරලා
අම්මේ මෙයාගේ ඇහැ මෙහෙටමයි තියෙන්නේ .
රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට අත නොදා ඉන්න එක තමා වඩා වැදගත්.
මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතුම වෙනවා
මේ ගෝත්‍රික මිලේච්ජයින්ගේ රටේ මොන මානව හිමිකම්ද මිචෙල් මහත්මිය? සුළු ජාතීන්, හිරකරුවන්, ත්‍රස්තවාදී කියලා මේ රටේ වෙනසක් නැහැ. සිංහල මහා ජාතියටත් එකම ඉරණම තමයි. පාලක පක්ෂය හා දේශපාලකයින්ගේ කල්ලිවල සාමාජිකයින්ට පමණයි මේ රටේ සියලුම හිමිකම් ඇත්තේ.
පිලිපිනය කියල රටක් ගැන අහලා නැද්ද
මානවහිමිකම් කිය කියා මෙයා මොනවා කියවනවද මන්දා
ඊශ්‍රාලය පලස්තීන වැසියන්ට කරන විශාල අපරාධ වලින් සිදුවන මානව හිමිකම් කඩවීම් කොපමනදැයි කියා නිමකල නොහැක. ඒවා ගැන මුනිවත රකින මානව හිමිකම් කොමිසම ලංකාවෙ කෙස් ගහක් තරම් සුළු කාරණයක් අල්ලගෙන ලංකාවට චෝදනා කරන්නේ බලවතුන් මොන වරදක් කලත් ඔවුන් ඉදිරියේ දනින් වැටී සිටිමින් නේද?
රාජපක්ෂ පාලනය යටතේ කවදත් මේ තත්ත්වය බහුලව දකින්නට ඇත. වහලුන් නොවන රටේ ජනතාවටද මේ ගැන විවේචනයක් පවතියි.
අපේ රටේම සිටින ඇතැම් පුතාණෝලා ගිහින් උඩගෙඩි දෙද්දී මෙවැනි දේවල් සිදුවීම සාමාන්‍යයි. පක්ෂ භේද කුමක් වූවද? රටක් වශයෙන් මිනිසුන් එකට සිටිය යුතුයි.
එක්නැලිගොඩ, ලසන්ත, තජුඩීන් ඝාතනයන් ගැනත් හොයන්න. අපේ රටේ දැන් නීතියක් නෑ.
මෙහෙ පාතාල කාරයින් ටික UN එකට ගන්න, USA පොලිසිය මෙහෙට ගෙනෙන්න. එයාලට ඕනෙම දෙයක් කරන්න පුළුවන්... මිචෙලි ඇන්ටි බලන්නෙම නැහැ.
අර එක්සත් රාජධානියේ, යුරෝපයේ කලු සුදු භේදය මුල්කරගෙන ආසියාතික දරුවන් ඝාතනය, පාසල්වල හිංසනය ගැනත් බලනවා නම් අගෙයි. සියල්ල වාර්තා අන්තර්ජාලයේ පලකරනවානේ...