(ආරියරත්න රණබාහු)
ජාතික ප්‍රතිපත්තිවලට හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කෙරෙහි අවධානය යොමු කිරිමට තමාට තිබෙන කාලය අද බොහෝ විට වැය කිරිමට සිදුව ඇත්තේ උද්ඝෝෂණවල ප්‍රශ්න විසඳීමට යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (28) පැවති උත්සවයකදී පැවසීය.
එම නිසා උද්ඝෝෂණවල ප්‍රශ්න ඒ ඒ අමාත්‍යාංශවල ලේකම්වරු බාරගෙන කටයුතු කළ යුතු යැයි ද ජනාධිපතිවරයා කීය.
රජයේ මුල්‍ය පාලන නිතිරිති හා රෙගුලාසිවලට අනුගතව 2018 වසරේ ඉහළ මට්ටමේ කාර්ය සාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන්වූ රාජ්‍ය ආයතන 109 කට සම්මාන පිරිනැමීම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ කමිටු ශාලා 1 හි පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙසේ කීය.
(ඡායාරූප - චතුර එස් කොඩිකාර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියපු දේවල් වුණා නම් එහෙම වෙන එකක්නේ නේද?
කාලය කළමනාකරණය කර ගන්න දන්නේ නැතුව කොහොමද රටක් පාලනය කරන්නේ? මේ රටේ තියෙන ප්‍රශ්න අවුරුදු 72ක් තිස්සේ ටික ටික ඇවිල්ල අද ඔඩු දුවන තත්වෙට පත් වෙලා තියෙන ප්‍රශ්න. ඒ හින්ද මිනිස්සු හිතුව මේ පාර ජනාධිපති වෙන්න ඕනේ ඒ සියලු ප්‍රශ්න වලට විසඳුම් අතේ තියෙන දේශපාලකයෙක් නොවෙන ජනාධිපතිවරයෙක් කියල. ඒකට ගිහි පැවිදි හොර දේශප්‍රේමියෝ මහ පොළොවේත් හැපිල ජනතාවට ඉදිරිපත් කරපු පාලකයා තමයි මේ. නමුත් ජනාධිපතිතුමාගේ මේ අඩෝවැඩියාවෙන් තේරෙන්නේ ඔහු බලයට පත් වුනේ රටේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න නෙමෙයි වෙන මොකක් හරි පෞද්ගලික හේතුවක් හින්ද කියල.
මේ කතාවෙන් පේන්නේ රටේ ප්‍රශ්න වලට විසදුම් කිසිවකුත් නැතිව ජනාධිපතිවරයා නන්නත්තාර වෙලා ඉන්න බවයි පහුගිය මාස 3 දිහා බලපුවහම පේන ප්‍රධානම දේ තමයි 2015 ඉඳන් එකමුතු වෙච්ච සිංහල ජාතිය අන්තිමට බලයට පත් කරගෙන තියෙන්නේ මුල මැද අග කිසිවක් නොතේරෙන පාලකයෙක් කියල. ලංකාවට අවුරුදු 72ක් තිස්සේ තිබ්බ ප්‍රශ්නේ තමයි රටේ පාලකයන් රටේ ප්‍රශ්න හඳුනා නොගැනීම, ඔවුන් ළඟ එම ප්‍රශ්න වලට විසඳුම් නැතිවීම සහ කල් ගැනීම. තව එක සතයක් ණය ගන්නේ නැතුව ලංකාවට ගොඩ එන්න පුළුවන් ක්‍රමයක් තියෙනව මේක හරියට කලොත් මගේ ඉලක්කය හැටියට නම් මාස 18ක් වගේ පොඩි කාලයක් ඇතුලත ලංකාවට සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්. බර බර වචන කතා කරන මහා පරිමාණ කමිටු දාගෙන හොයන්න දෙයක් නෙමෙයි. සරල අදහසක්. ජනාධිපතිවරයා ඒක කරන හැටි දන්නේ නැත්නම් කරන්න තියෙන්නේ ඉල්ලා අස් වෙලා ගෙදර යන එක.
ඇයි ලේකම්වරු ? ඇමති උතුමන්ලගෙන් ප්‍රයෝජනයක් නැතුවාවත්ද ?
උද්ඝෝෂණ ප්‍රශ්න විසඳීමට පොලිසියට අවම බලය යොදන්න කියා උපදෙස් දෙන්න. ඔබ හමුදාවේ හිටපු නිසා උද්ඝෝෂණ ප්‍රශ්න විසඳීමට ඉක්මණින්ම විසඳුමක් දෙන්න හැකිවේවි...!!!
ඕකට තමයි කියන්නේ සර් දිට්ඨධම්ම වේදනීය කර්මය කියලා. පසුගිය ආණ්ඩුවට ඔබ වැනි ඔබතුමන්ලාට පක්ෂ සංවිධානවලින් ඔයාට වඩා හුඟාක් කරදර කළා...
කල කල දේ පල පල දේ... වවපු ගස්වල ගෙඩි ඇවිල්ලා...
69ලක්ෂයේ නන්නත්තාර වෙලා කියන්නේ ඇත්තද? සමහරු කියනවලු හිටපු අයම හිටියා නම් වැඩි වෙනසක් නැහැ කියලා. පරණ හොරකම් දැන් දැන් පටන්ගන්නවලු නේද? අයි අර හම්බන්තොට මිනිස්සුන්ට එලවා එලවා ගැහුවේ? ඡන්දෙ දුන්නු නිසාද?
අමාත්‍යංශ ලේකම් වරුන්ට බලය ලබාදෙන්නේ නම් ඉතාමත් හොඳයි. හැබැයි අදාළ මැති ඇමතිවරුන්ට ඊට මැදිහත් නොවන ලෙස දන්වන්න.
මේ මොන උද්ඝෝෂණද? ඔක්කොම බුදි ඒ අයගේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා. යහපාලන ආණ්ඩුව කාලේ හේතුවක් නැති උද්ඝෝෂණ 3000කට වඩා තිබ්බා අවුරුදු 4 ට. ඒවා උද්ඝෝෂණ නෙවෙයි ජාතිවාදී පහරදීම්, හාමුදුරුවෝ, දොස්තරලා සෙට් එක, සංවිධානාත්මකව ආණ්ඩුවට මොනවත් කරන්න දුන්නෙම නැහැ. ඒ තිබියදීත් ඔවුන් මීට වඩා හොඳට රජය පවත්වාගෙන ගියා. මොහුගේ කට විතරයි වැඩ බෑ. උද්ඝෝෂණ ගණන ගැන වුණත් කියන්නේ බොරු...
මෙයාගේ කයිය විතරයි. මගේ ලයිෂන් එක අලුත් කරන්න එවලා මාස 3ක් තවම නෑ. RMV එක තමයි මෙයාගේ ලොකුම ප්‍රොජෙක්ට් එක, එ්කෙත් හැටි පේනවා නේද?
බලය සහ වරප්‍රසාද ඇමතිලාට.. රාජකාරි සහ වගකීම් ලේකම්ලාට...
උද්ඝෝෂණ ප්‍රශ්න විසඳීමටත් හමුදාව යොදාගත්තොත් හොඳයි නේද?
ප්‍රශ්න උද්ඝෝෂණ දක්වා පැමිණීමට පෙර විසඳන්න පුලුවන් වෙන්න ඕනෑ.. කැලණිය විශ්ව විද්‍යාලයේ කන්නංගර නේවාසිකාගාරයේ සිටිය හැකි ළමුන්ගෙන් 5% ඒකේ නැහැ ඉන්නේ රැකියාවලට යන අය ළමයි නෙවෙයි. නේවාසිකාගාර නැහැ කියලා කෑගහනවා.
පඩි නඩි ගන්නේ නැති මිනිසුන් අධ්‍යක්ෂකලා කරලා පත්කිරීම විනාශයට කරුණක්.... ඊට හේතුව ඒ ගොල්ලන්ට වගකීම් නැතිකම වැඩ අවුල් කරලා මාරුවෙලායයි. බැසිල් කලේ ඕකනේ 2015 මැතිවරණය පැරදුණාට පස්සේ... ගණන් හිලව් බේරෙන්නේ නැතිව පිටිපස්සේ දොරෙන් පැන්නා. පස්සේ ආයේ සාටකේ දාගෙන ආපසු ආවා.
ඔය ඇසෙන්නේ කසකාරයින්ගේ.. කස හඬයි.. පෙරහැරද ඔබ සියලුදෙනාට ඉතා ඉක්මනින් දැකගන්න ලැබේවි.
ඒ කාලේ.. පොහොට්ටුවෝ උද්ඝෝෂණ සංවිධානය කෙරුවා.. අද මොනවද වෙලා තියෙන්නේ..? ඒ උද්ඝෝෂකයින්ම තමයි අද පාරට බැහැලා ඉන්නේ..!
උද්ඝෝෂණ බහුතරයක් කෘතිම දේශපාලන උද්ඝෝෂණ කෙසේවෙතත් ගමනක් යෑමට නම් ඉතා දක්ෂ බුද්ධිමතුන් අමාත්‍ය මණ්ඩලයත ආයතන ප්‍රධානීන් ලෙසත් පත්කර රාජ්‍ය සේවයේ තිබෙන පිරමීඩාකාර ව්‍යුහය වෙනස් කරන්න කැබිනට් එකට අවශ්‍ය බුද්ධිමතුන් කවදාවත් ජන්දෙන් හොයාගන්න බැහැ. ඒ නිසා එ්කට ජාතික ලැයිස්තුව යොදාගන්න මේ කියන බුද්ධිමතුන් කියන්නේ නිකම්ම සහතිකයක් තියෙන අය ගැන නෙවේ. ඒ වගේම තරුණ තරුණියන්ට නිදහසේ රජයේ සේවයේ වැඩ කරන්න මහලු බමුණන්ගෙන් ආරක්ෂාව සලසා දෙන්න රට බලන් ඉන්දෙද්දී ඉස්සරහට යනවා.. යුද්ධය දිනුවේත් ඒ වෙනස්කම් කරපු නිසා... මොකද අලුත් අය වැඩ කරන්න බය නැහැ අනතුර ගැන වැඩිය හිතන්නේ නැහැ...
තමුන්ගේ අයම බලයේ ඉන්න කාලේ සුදු වෑන්, ඝාතන, අතුරුදහන් තිබුණේ නිකම්ද?
මහා ඡන්දෙ ඉවර වෙනකම් ඔහොම යමු නේද? ඊට පස්සේ ජනතාව මේ උද්ගොෂකයින්ගෙන් බේරා ගන්න ස්ටාලින් න්‍යාය අනුගමනය කලාට කමක් නැත.
ඕවා තමුන්ගේ කට්ටිය විපක්ෂයේ ඉන්නකොට පටන් ගත්ත සෙල්ලම් තමයි. දැන් කනවෝ කනවෝ කියන්න එපා..
ඔන්න ඔය වගේ පිළිවෙලක් ඇති ඇඳුමක් අඳින්නකෝ...!!!
මෙයා 'සේන' වර්ගයේ කෙනක්. සේන -1: සිරිසේන . සේන -2: නන්දසේන. තමාගේ ජනප්‍රියත්වය පාවිච්චි කර තමාගේ සහ පවුලේ නඩු ටික බෙර ගැනීමේ පරම චේතනාවෙන් බලයට ආවා මිසක් රට ගොඩනැගීමේ ප්‍රයෝගික චින්තනයක් හෝ දර්ශනයක් අහලකවත් නෑ. ඒකනේ ඔය උද්ඝෝෂණ වල පැටලිලා ඉන්නේ.
රතු පස්වල කරා වගේ කරානම් ඕක ඉවරයි.
කෝ අර විද්වත්තු රංචුව? ඒ ගොල්ල ඉන්නේ කතා කරන්න විතරද?