දෙල්ගොඩ - සුදත් පුබුදු කීර්ති
මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපතිට සහ එම පොලීසියේ තවත් නිලධාරියකුට කෝවිඩ් 19 රෝගය ආසාදනය වීම නිසා එම පොලීසිය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරික්ෂඛ කාර්යාලය කියයි.
මේ වන විට එම පොලීසියේ නිලධාරින් 40 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කර ඇති බවත් එම පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව ඉදිරි සෞඛ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පවසයි .
දැනට මීගහවත්ත පොලිසියේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු මීගහවත්ත නාගරුක්ඛාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යන අතර එම රාජකාරි කටයුතු සදහා අවට පොලිස් ස්ථාන වල නිලධාරි කණ්ඩායමක් අනුයුක්ත කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd