(ජයන්ත සමරකෝන්)
මීගමුව බන්ධනාගාරයේ ජේලර් නේවාසිකාගාරයේ පිටුපස මළ අපද්‍රව්‍ය ගලියක සඟවා ඉටිකවරයකු බහා තිබී ජංගම දුරකථන 12 ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (10) දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය කාලය තුළ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙමම බන්ධනාගාරයේ දිගින් දිගටම සිදුකරන ලද වැටලීම් හේතුවෙන් මෙම ගලිය තුළ ඒවා සඟවා තබන්නට ඇති බවට සැක කරයි.
විශේෂ ගනයේ රැඳවියන් දෙදෙනකු රදවා සිටි සිරකුටියකින් ශිතකරණ ඇතුළු සැප බඩු තොගයක් හමුවිමේ සිද්ධිය හේතුවෙන් මේ වන විට මෙම බන්ධනාගාරයේ හිටපු සහකාර අධිකාරිවරයාගේ වැඩ තහනම් කර ඇති අතර රහසේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එම කාලය තුළ ගෙනවිත් මෙම ජංගම දුරකථන තොගය රැඳවියන්ට ලබාදීමට නොහැකිව සඟවා තබන්නට ඇතැයි ද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම බන්ධනාගාරයකම ජංගම දුරකථන ජෑම් කරන උපකරණ සවිකිරීම විදුලි සංඥා පනතින් නීතිගත කරලා ඒක ලංකා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ වගකීමක් කරන්න බැරි ඇයි? මට දවල් හීන පේනවා ආයෙත්...
මේක ගොඩක් හොඳ අදහසක්.. මම මේකට කැමතියි.