IMG-LOGO

මීගමුව බන්ධනාගාර නියාමකවරයකුගේ වැඩ තහනම්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 


ජංගම දුරකථන පහක් සන්තකයේ තබාගෙන රාජකාරියේ නිරතව සිටි මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගත් බව  බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

මීගමුව බන්ධනාගාරයේ  අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කළ මෙම වැටලීමේදී බන්ධනාගාර නියාමකවරයාගේ මේස ලාච්චුවේ  තිබී මෙම ජංගම දුරකථන 5 ක් සොයා ගැණිනි.


මෙම ජංගම දුරකථන  බන්ධනාගාර නියාමකවරයාට ලැබුණු ආකාරය සහ  ජංගම දුරකථන හරහා විවිධ ජාවාරම් වලට ඇමතුම් ලබා ගැනීම සඳහා රැඳවියන්ට ලබා දී ඉන් මුදල් උපයා ඇද්ද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසේ .


ඒ අනුව එම විමර්ශනය අවසන් වන තෙක්  කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයාගේ සේවය  වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇති බව මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය



අදහස් (3)

මීගමුව බන්ධනාගාර නියාමකවරයකුගේ වැඩ තහනම්

Ruhunu Sunday, 28 February 2021 12:06 PM

මුදල් ඉපැයුවද කියලා හොයලා බලන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම මෙයාලා මේ වගේ වැඩ කරනවා.

:       0       7

Raveendra Sunday, 28 February 2021 03:10 PM

මෙම බන්ධනාගාර නියාමකට නමක් නොමැතිද? මෙච්චර ජංගම දුරකථන ගොඩක් සන්තකයේ තිබෙනවා යනු ස්ථිරවම පොහොසතෙකි. මේ වත්කම් සොයා බැලුවොත් පහසුවෙන්ම සියලු තොරතුරු දැනගත හැක.

:       0       1

sharm warn Monday, 01 March 2021 09:25 AM

එතකොට සම්පායෝගේ ඇප දීමට ඉදිරිපත් කරපු නීතිමය රාමුව මෙයට අනුමත නැද්ද? ඒක සම්පායෝ ස්පෙෂල්... එහෙමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 59 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 622 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site