(ඉන්දිකා  රාමනායක)
   

මෙරට ලියාපදිංචි නොකළ පිළිකා නාශක හා හෘද රෝගීන්  සදහා භාවිතා කරන   ඖෂධ තොගයක්  මීගමුව ප‍්‍රදේශයේ නිවාස දෙකක නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හා විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමක්  විසින් අත්අඩංගුවට ගත් බව  එම අධිකාරිය පවසයි.

අත්අඩංගුවට ගත් ඖෂධ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 ට අධික බව   ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම නිවසේ දෙක සම්බන්ධයෙන් අධිකාරියේ  ප‍්‍රධාන ආහාර හා  ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා වෙත ලැබුණු තොරතුරක් මත  විශේෂ කාර්යා බළකා මුලස්ථානයේ භට කණ්ඩායමක්  සමඟ එක්ව මීගමුව නගරයේ හා පෙරියමුල්ල ප‍්‍රදේශයේ පිහිටි මෙම නිවසේ දෙක පරීක්ෂා කළ බවද එම උසස් නිලධාරියා කීය.

මෙම නිවෙස් දෙකේ ගබඩා කර තිබු ඖෂධ  මෙරටට ගෙන්වීම  හා  අලෙවිය තහනම් කර තිබියදී  සැකකරු  මේවා ඉන්දියාවේ සිට  ගමන් මළුවල සඟවාගෙන මෙරටට රැගෙන විත් ඇති බවද  අධිකාරිය පවසයි.