IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මීගමුවට ඇඳිරි නීතිය

(හිරාන් ප්‍රියකර ජයසිංහ)
මීගමුව පොරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (5) සවස ඇතිවු ගැටුමකින් පසු තත්වය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය මීගමුව ප්‍රදේශයට යෙදූ බව පොලිස් මුලස්ථානය කියයි.

මෙම ගැටුම මීගමුව කොච්චිකඩේ පොරුතොට ප්‍රදේශයේ අද සවස සිදුව ඇත්තේ එක් පාර්ශවයක තරුණයින් දෙදෙනෙකුට, අනෙක් පාර්ශවයේ පිරිසක් පහරදී කැපුම් තුවාල සිදු කිරීමත් සමග බව කියයි.

පසුව පහර කෑමට ලක්වු පිරිසේ විශාල පිරිසක් පොරුතොට ප්‍රදේශයට කඩා වැදී ප්‍රකෝපකාරි අයුරින් හැසිරී ඇති බවත් එහිදි වාහන කීපයකට හා වෙළඳසැල් ගණනාවකටත් හානි සිදුව ඇති බවත් ඒ සමගම ආගමික ස්ථානයකටත් හානි සිදුව ඇති බවද කියයි.

 පසුව පොලිසිය හා යුද හමුදාව එක්ව තත්වය පාලනය කරමින් පවතින බවද වාර්තා වෙයි. මෙම තත්වය පාලනය කිරීමට වහාම අදාල ගැටුම ඇතිවු ප්‍රදේශය ඇතුළු මිගමුව පොලිස් කොට්ඨාශයටම ඇඳිරි නීතිය හෙට උදෑසන 7 දක්වා ක්‍රියාත්මක කිරීමට පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

 

පොරුතොට වාහනයක් ගිනි තබා ඇති අයුරු



අදහස් (24)

මීගමුවට ඇඳිරි නීතිය

sarath Sunday, 05 May 2019 03:38 PM

කරුණාකර සන්සුන් වන්න, පොලිසිය, හමුදාව පැසසුම් සහගතව කරගෙන යන පරීක්ෂණ වලට සහය දෙන්න. සතුරාට අනවශ්‍ය මානසික ආයුධ නොසපයන්න

:       2       264

Kaka Sunday, 05 May 2019 03:44 PM

සිංහල ත්‍රස්තවාදීන් එල්ලකළ පහර කියා කිව්වා නම් හරිනේ..

:       2816       2463

RoyerSunday, 05 May 2019 06:26 PM

සිංහල අපි ත්‍රස්තවාදිය‌ො. කඩු පිහි තියන් බ‌ෝම්බ ගැහුව‌ෙ අහිංසක මුස්ලිම් මිනිස්සු.

:       2       21

DahamSunday, 05 May 2019 08:56 PM

කුඩා සිදුවීමකට පසු කඩු අරන් 50ක පමණ පිරිසක් ඇවිත් තියෙනවා. පහරදීමකුත් වෙලා තියෙනවා. දැන් මොක කරන්නේ රටේ නායකයෝ?

:       47       7

JzMonday, 06 May 2019 07:08 AM

මුස්ලිම් ගෙවල් චෙක් කරල කඩු ගෝනි පිටින් අහුවෙනවනම් සිංහල ගෙවල් චෙක් කලා නම් කඩු ලොරි ගනන් හොයාග හැකියි

:       43       741

BamunuarachchiMonday, 06 May 2019 12:03 AM

සිංහල රට බේරාගැනීමට සිංහලයා නැගිටිනවා කීවොත් වඩාත් හරි නේද? එ්ක වෙන කාටවත් වෙන විදිහකට කියන්න බැහැ නේද?

:       22       133

JayaMonday, 06 May 2019 02:16 AM

ඔව් නියම ත්‍රස්තවාදීන් වන මුස්ලිම්වරුන්ට ත්‍රස්තවාදීන් ලෙස නොකියා නේද?

:       5       664

ජෝශප් වාස් Sunday, 05 May 2019 03:47 PM

මමත් මීගමුවේ කෙනෙක්. මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම ප්‍රදේශයේ අඩු වැඩි වශයෙන් නම ගිය අය තමයි. 83 වුණා වගේ... මීගමුවේ නිලා කඩේ ගිනිතිබ්බා වගේ ජාතිවාදී වැඩක්... බහුතරයක් සිංහලයින් මේ වගේ අමන වැඩවලට දායක නොවන බවත් හොඳින්ම මතක තියාගන්න.

:       466       893

Anton Sunday, 05 May 2019 05:23 PM

නියමයි කොල්ලනේ

:       1400       647

sarath pereraSunday, 05 May 2019 06:22 PM

ඇන්ටන්, ඔබ වැනි අය නිසා රටේ නම නැත්තටම නැතිවෙනවා.

:       8       31

MuthuMonday, 06 May 2019 02:20 AM

මේකෙ නියමයි කොල්ලනේ... කියලා තියනවා. එයාව අල්ලලා හම ගහන්න ඕනෑ අවුලනවට... ජාතිවාදි පදනම මත වැඩ කරන අදහස් කියන අය මර්දනය කලේ නැත්තම් රට ඉවරයි.

:       233       402

Fz Monday, 06 May 2019 04:08 AM

ජානවල තත්වය වෙනස් කිරීමට නොහැකිය. තවෙකුට හිංසා කිරීමෙන් ලැබෙන තෘප්තිය මානසික තත්වයකි.

:       3       54

sirimal Sunday, 05 May 2019 05:48 PM

මෙම සිද්ධිය ත්‍රී වීලර් නවතා තබන තැනක දෙදෙනෙකු අතර සිදුවූ බහින් බස්වීමක් දුරදිග යාම නිසා සිදුවූවක් බවයි අපට දැනගන්නට ඇත්තේ.

:       2       188

Kumar Sunday, 05 May 2019 06:25 PM

යහපාලනය සමග සියලුම දෙනා එකතු උනා.

:       30       53

එම්.සිරිසේන Sunday, 05 May 2019 06:28 PM

මම මේ ගැන පරීක්ෂණයක් කරන්න ජනාධිපති කොමිසමක් ලබන මාසේ විතර පත්කරන්න බලාපොරොත්තුවෙනවා. වැරදි කරුවන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් , සමහරවිට මට හිතුනොත් මිට සම්බන්ධ දෙපැත්තේම අයට මරණ දණ්ඩනය නියම කරනවා. මේ ගැන පත්තර කාරයින්ට කියපු අයව හම ගහනවා.

:       27       26

Nihal Sunday, 05 May 2019 07:34 PM

මේ අය දර්ගා නගරය මැදින් ගිය හාමුදුරුවන්ට නිකරුනේ ගහල විශාල ප්‍රස්නයක් ඇති කාල. ගම්පොල පෙරහරට ගල් ගහල ලොකු කෝල හලයක් ඔවුන් මුල පිරුවත් එය අසාර්ථක උණා. දිගන බීමත් පුද්ගලයෙක් මරල ලොකු විනාශයක් රටට කලා. රටේ අහල පහල ගම්වල සමග අවුරුදු 10 ක පමණ සිට ගැටුම් ,මොකද මේ ?

:       115       34

ජෝයි මැල්කම් සිල්වෙස්ටර් Monday, 06 May 2019 01:06 AM

මට අර්නස්ට් පෝරුතෝටව මතක් වෙනවා. අනේ වාසේ...!

:       4       4

jayath Monday, 06 May 2019 02:15 AM

මෙතන මොනවා වුණාද කියලා අපි හරියටම දන්නේ නැති වුනත් මේ රටේ ඉන්න සමහර "උදවිය " හිතන් ඉන්නේ ඒ ගොල්ල "පොර" වල් කියලා.. රටේ නීතිය ගණන් ගන්නේ නැහැ. හෙල්මට් නැතුව පාරේ යනවා අල්ලගත්තම පොලිසියට විරුද්ධව පාරට බහිනවා. මේ උදවිය ඉන්න හැමපත්තකම ඇත්ත තත්වය ඕකයි. කලබලයක් හදාගෙන ඉල්ලන් කනවා.

:       30       323

sureka Monday, 06 May 2019 03:00 AM

කරුණාකර පාසල් ආරම්භ කර සිවිල් සමාජය යථා තත්වයට පත් කරන්න සූදානම් වන මේ වෙලාවේ පොලීසිය, හමුදාවට මිනිසුන් ලෙස සහය වන්න. සත්තු ලෙස නොහැසිරෙන්න. එක එක බළල් අත් දික්වෙයි. එ්ත් මේ අවස්ථාවේ මනුස්සයින් වගේ ඉන්න. සත්තු වගේ හපා කන්න එපා.

:       3       103

saminda Monday, 06 May 2019 03:05 AM

ඉවසීම හා මනුස්සකම නිවට කමක් ලෙස හිතනවා වෙන්න පුළුවන්

:       13       30

Kavinda Monday, 06 May 2019 04:11 AM

කලබල වෙන්න එපා.. මුස්ලිම් ගොඩක් අය හොඳ අය.. පොඩ්ඩ දෙනෙක් කරන වැරදි නිසා හැමෝටම දොස් කියන එක වැරදියි.. සිංහල පොඩ්ඩ දෙනෙකුත් බලාගෙන ඉන්නවා ජාතිවාදය අවුස්සන්න. අපි හැමෝම ශ්‍රී ලංකන්.. බෙදෙන්නේ නැතුව එකතු වෙමු.

:       173       238

chaminda Monday, 06 May 2019 04:12 AM

මේ හම්බයන් හිතන් ඉන්නේ මේක අරාබිය කියලයි. මොවුන් එක්කෝ හදන්න ඕනේ... නැත්නම් පන්නන්න ඕනේ...

:       524       737

prasad liyanage Monday, 06 May 2019 04:13 AM

මුස්ලිම් ජන සමාජය පාලනයකට යටත් කළයුතු බව දැන් තේරනවා හැමෝටම...

:       14       172

LankaputraMonday, 06 May 2019 05:16 AM

පාට කණ්නාඩි ගලවලා බලන්න

:       33       65

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 197 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 397 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site