IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 5 කට නඩු

(මහින්ද නිශ්ශංක)

මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් පස් දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය අද (29) පියවර ගත්තේය.

කොළඹ , මහනුවර සහ මාතර ප්‍රදේශවල වෙළඳුන් පස් දෙනෙකුට මෙසේ නඩු පැවරිණි.

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ මුඛ ආවරණ සඳහා ඉල්ලුම ඉහළ යාමෙන් පසු වෙළඳුන් මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කරන බවට ලැබුණු මහජන පැමිණිලි මත ඊයේ සහ අද අධිකාරිය මෙම වැටලීම් සිදුකර තිබේ.

මෙම වැටලීම් වලදී රුපියල් 10.00 ට සහ රුපියල් 20.00 ට අලෙවි වන මුඛ ආවරණ රුපියල් 40.00  සහ රුපියල් 50.00 වශයෙන් වැඩි මිලට අලෙවි කර ඇති බව පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි අධිකාරිය පැවසීය.



අදහස් (4)

මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 5 කට නඩු

Bamunuarachchi Wednesday, 29 January 2020 02:07 PM

කළදුටුකළ වල ඉහ ගන්නා මේ පාදඩයින්ට කොරෝනාව බලෙන් දියයුතුයි.

:       1       56

Champa Wednesday, 29 January 2020 02:40 PM

ලංකාවේ මිනිස්සු පාරවල් පුරා මේ මුඛ ආවරණ පළඳින්නේ මොකටද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මුඛ ආවරණ අවශ්‍ය වෙන්නේ චීනෙට. ඒ මොකද කිව්වා නම් බොහෝ රෝගීන් සංඛ්‍යාවක් ඉන්න නිසාත් පැතිරයාම වේගත් නිසාත්... ඒ හැරුණාම අපේ ගුවන් තොටුපළේ, nCoV ලෙඩ්ඩු බාරගන්න රෝහල්වල සහ හෝටල්වල කාර්යමණ්ඩලවලට මුඛ ආවරණ ඕනේ වෙනවා. අනිත් අයට ඕනේ නෑ. මුලින් බොහෝ පිරිස් මියගිහින් තියෙන්නේ ප්‍රතිකාර නැති නිසා. දැන් අපේ රෝහල්වල ඩෙංගු හැදිලා කොච්චර ලෙඩ්ඩු ඉස්පිරිතාලෙම මැරුණද? ඩෙංගුවලින් හරි නම් මිනිස්සු මැරෙන්න බැහැ. මැරෙන්නේ හරියට ප්‍රතිකාර නැති නිසා... ඩෙංගු හොඳ කරන්න බැහැ... මැරෙනවා කියලා බොරු මතයක් තියෙන හින්දා රෝහල්වලත් හරි සාත්තුවක් කරන්නේ නැහැ. මේකත් ඒ වගේ. මේ තියෙන්නේ වෛරස් උණක්. නම newCoV. මේ වෛරස් එක අලුත් නිසාත් චීන ජාතිකයන් ලෝකය පුරාම පැතිරිලා ඉන්න නිසාත් ලෝකයම බයවෙලා. මේ දවස්වල චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් ලෝකයේ විවිධ රටවල හිටපු චීන ජාතිකයන් චීනෙට ඇවිල්ලා ඉන්නවා. දැන් ඔවුන්ට නැවත යනකොට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්... පහුගිය කාලේ ඇමරිකාව චීනෙට විරුද්ධ ලොකු වැඩ පිළිවෙලක් ගෙනිච්චා. මේක එක්ක ලෝක දේශපාලනය කැරකෙන අත බලන්න ඕනේ...

:       26       132

thusharaThursday, 30 January 2020 03:01 AM

හරියටම හරි, මාධ්‍ය තමයි මිනිස්සුන්ව අනවශ්‍ය විදියට බයකරලා තියෙන්නේ. අපිට කොරෝනා වලට වඩා ඩෙංගු වලින් මිනිස්සු මැරිලා තියෙනවා. එයින් බේරෙන්න කිසියම් උත්සාහයක් නැතුව මාස්ක් දාගෙන පාරේ යනවා. අනික ලංකාවේ තියෙන උෂ්ණත්වයත් එක්ක මේ වෛරසයේ පැතිරීම ඉතාම දුර්වලයි.

:       0       8

Sathya Thursday, 30 January 2020 03:12 AM

දඩ ගැහුවට වඩා හොඳයි වෙළඳසල්වල නම් ටික ප්‍රසිද්ධ කළා නම්... මිනිස්සුන්ට කූට වෙළෙන්ඳන් හඳුනාගන්න තිබ්බා...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 262 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site