IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 5 කට නඩු

(මහින්ද නිශ්ශංක)

මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් පස් දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය අද (29) පියවර ගත්තේය.

කොළඹ , මහනුවර සහ මාතර ප්‍රදේශවල වෙළඳුන් පස් දෙනෙකුට මෙසේ නඩු පැවරිණි.

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ මුඛ ආවරණ සඳහා ඉල්ලුම ඉහළ යාමෙන් පසු වෙළඳුන් මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කරන බවට ලැබුණු මහජන පැමිණිලි මත ඊයේ සහ අද අධිකාරිය මෙම වැටලීම් සිදුකර තිබේ.

මෙම වැටලීම් වලදී රුපියල් 10.00 ට සහ රුපියල් 20.00 ට අලෙවි වන මුඛ ආවරණ රුපියල් 40.00  සහ රුපියල් 50.00 වශයෙන් වැඩි මිලට අලෙවි කර ඇති බව පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි අධිකාරිය පැවසීය.



අදහස් (4)

මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 5 කට නඩු

Bamunuarachchi Wednesday, 29 January 2020 02:07 PM

කළදුටුකළ වල ඉහ ගන්නා මේ පාදඩයින්ට කොරෝනාව බලෙන් දියයුතුයි.

:       1       56

Champa Wednesday, 29 January 2020 02:40 PM

ලංකාවේ මිනිස්සු පාරවල් පුරා මේ මුඛ ආවරණ පළඳින්නේ මොකටද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මුඛ ආවරණ අවශ්‍ය වෙන්නේ චීනෙට. ඒ මොකද කිව්වා නම් බොහෝ රෝගීන් සංඛ්‍යාවක් ඉන්න නිසාත් පැතිරයාම වේගත් නිසාත්... ඒ හැරුණාම අපේ ගුවන් තොටුපළේ, nCoV ලෙඩ්ඩු බාරගන්න රෝහල්වල සහ හෝටල්වල කාර්යමණ්ඩලවලට මුඛ ආවරණ ඕනේ වෙනවා. අනිත් අයට ඕනේ නෑ. මුලින් බොහෝ පිරිස් මියගිහින් තියෙන්නේ ප්‍රතිකාර නැති නිසා. දැන් අපේ රෝහල්වල ඩෙංගු හැදිලා කොච්චර ලෙඩ්ඩු ඉස්පිරිතාලෙම මැරුණද? ඩෙංගුවලින් හරි නම් මිනිස්සු මැරෙන්න බැහැ. මැරෙන්නේ හරියට ප්‍රතිකාර නැති නිසා... ඩෙංගු හොඳ කරන්න බැහැ... මැරෙනවා කියලා බොරු මතයක් තියෙන හින්දා රෝහල්වලත් හරි සාත්තුවක් කරන්නේ නැහැ. මේකත් ඒ වගේ. මේ තියෙන්නේ වෛරස් උණක්. නම newCoV. මේ වෛරස් එක අලුත් නිසාත් චීන ජාතිකයන් ලෝකය පුරාම පැතිරිලා ඉන්න නිසාත් ලෝකයම බයවෙලා. මේ දවස්වල චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් ලෝකයේ විවිධ රටවල හිටපු චීන ජාතිකයන් චීනෙට ඇවිල්ලා ඉන්නවා. දැන් ඔවුන්ට නැවත යනකොට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්... පහුගිය කාලේ ඇමරිකාව චීනෙට විරුද්ධ ලොකු වැඩ පිළිවෙලක් ගෙනිච්චා. මේක එක්ක ලෝක දේශපාලනය කැරකෙන අත බලන්න ඕනේ...

:       26       132

thusharaThursday, 30 January 2020 03:01 AM

හරියටම හරි, මාධ්‍ය තමයි මිනිස්සුන්ව අනවශ්‍ය විදියට බයකරලා තියෙන්නේ. අපිට කොරෝනා වලට වඩා ඩෙංගු වලින් මිනිස්සු මැරිලා තියෙනවා. එයින් බේරෙන්න කිසියම් උත්සාහයක් නැතුව මාස්ක් දාගෙන පාරේ යනවා. අනික ලංකාවේ තියෙන උෂ්ණත්වයත් එක්ක මේ වෛරසයේ පැතිරීම ඉතාම දුර්වලයි.

:       0       8

Sathya Thursday, 30 January 2020 03:12 AM

දඩ ගැහුවට වඩා හොඳයි වෙළඳසල්වල නම් ටික ප්‍රසිද්ධ කළා නම්... මිනිස්සුන්ට කූට වෙළෙන්ඳන් හඳුනාගන්න තිබ්බා...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1268 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site