
(දිල්රුක්ෂි ග්‍රේරු )
මුඛ ආවරණ නොපැළඳ සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධව බස්නාහිර පළාතේ පුද්ගලයින් 2494 දෙනකු අවවාද කර මුදා හැර ඇතැයි පොලීසිය කියයි.
මුඛ ආවරණ නොපැළදි පුද්ගලයින් 1471 ක් සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1023 දෙනකු වශයෙන් මෙලෙස අවවාද කර තිබේ.
එමෙන්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 258 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (22) උදෑසන 6 සිට අද (23) උදෑසන 6 තෙක් සිදු කළ වැටලීම් පරීක්ෂා කිරීම් වලදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීම් සහ අවවාද කිරීම් සිදු කර ඇත.
හෙරායින් ,ගංජා, නිතී විරෝධි මත් පැන්,ගෝඩා, අයිස් ඇතුළු මත් ද්‍රව්‍ය පොලිස් බාරයට ගෙන ඇති අතර දෙමටගොඩ ,වැල්ලම්පිටිය,ගල්කිස්ස ,පානදුර,බම්බලපිටිය කෙසෙල්වත්ත යන ප්‍රදේශයන්හි සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත තුළ කළ විශේෂ වැටලීම් වලදී කොළඹ අපරාධ කොට්ඨාස නිධාරීන් කණ්ඩායමක් සහ අදාල ප්‍රදේශයන්හි පොලිස් ස්ථාන මගින් මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ.
සැකකරුවෝ අධිකරණයන්ට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට පෙනෙන්නේ අපිම විතරද? රැස්විම්, ජන හමු? කෝ එවා? ඒ තැන්වලදි පොලිසියට මුඛ අවරණ දාලා වගේනේ..?
අවවාද කරලා පමණක් අතහරින්න එපා.