IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මකා දැමූ හඬපට හොයන්න නාමල් කුමාරගේ ජංගම දුරකතනය හොංකොං ගෙනයයි


තරිඳු ජයවර්ධන
 

ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ නාමල් කුමාර නම් පුද්ගලයාගේ ජංගම දුරකතනය වැඩිදුර පරීක්ෂණ සඳහා හෙංකොං බලා රැගෙන ගිය බව පොලිසිය කියයි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙදෙනෙක් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙක් එම ජංගම දුරකතනය රැගෙන හොංකොං බලා පිටත්වූහ.
 
නාමල් කුමාර නම් පුද්ගලයා ලබා දුන් ජංගම දුරකතනයේ ඇතැම් හඬ පට ඔහු විසින් මකා දමනු ලැබූ බව මීට පෙර ඔහු රහස් පොලිසියට කියා තිබිණි. එම නිසා පරීක්ෂණ වලට එම හඬ පට ලබා ගැනීමේ අරමුණින් ඒවා යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට දුරකතනය රැගෙන ගිය බව පොලිසිය කියයි.



අදහස් (16)

මකා දැමූ හඬපට හොයන්න නාමල් කුමාරගේ ජංගම දුරකතනය හොංකොං ගෙනයයි

ගල්කටස් Sunday, 09 December 2018 08:25 AM

බොහොම හොඳයි, ඝාතන තැත බොරුවක් වුනොත් තමා ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි. එ් මේ රටට කළ විනාශයට මේ ප්‍රශ්නවැලට හේතුව මෙයා... එහෙම කවුරු වුණත් ඔවුන්වද එල්ලා මැරිය යුතුමයි ප්‍රසිද්ධියේ...

:       176       259

jagath. Sunday, 09 December 2018 09:03 AM

මේ මොන මල විකාරයක්ද...?

:       3       80

එරික් Sunday, 09 December 2018 09:04 AM

මට හිතාගන්න බැරි ඇයි මේ වගේ මිනිහෙක් අල්ලගෙන දඟලන්නේ කියලා?

:       2       271

nishan Sunday, 09 December 2018 09:19 AM

ජනාධිපතිතුමා එක්ක කතා කරපුවද දන්නේ නෑ...

:       16       91

dias Sunday, 09 December 2018 09:47 AM

මෙයා බොරු කියා තිබුනොත් ප්‍රසිද්ධියේ එල්ලා මරිය යුතුයි...

:       2       86

Sapumal. Sunday, 09 December 2018 09:53 AM

මොහු ඔත්තුකරුවෙක් බව ප්‍රථමයෙන්ම අප සැම නිතර සිහිතබාගතයුතු දෙයක්... මොහු මකා දැමු කොටස් තිබුණහොත් ඒවා තමාට හා තමා මෙහෙයවන්නාට හානිකරවන නිසා මකා දැමුවා විය හැකියි. හඬ පටවලට සවන් දුන් තවත් දෙනා ප්‍රසිද්ධියේ පැවසුවේ එහි ජනපති හෝ ඝෝඨාභය ඝාතනය කිරීමක් ගැන සඳහන් නොවන බවයි. සත්‍ය එසේනම්, ජනපති කියවූ ඝාතන උත්සාහය මුසාවක් නොවේද? මහින්ද අගමැති කිරීමත්, පොලිස් ඔත්තුකරුවාට පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්නට දීමේත් කිසියම් සැකයක් පෙනෙනවා නේද? මෙය මේ රටේ සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයේ එක අවස්ථාවක් විය නොහැකිද?

:       68       378

athula Sunday, 09 December 2018 09:54 AM

මේ කව්ද? අපේ බදුමුදල් කාබාසිනියා නොකර ඇතුළට දාන්න.

:       18       96

kamil Sunday, 09 December 2018 10:18 AM

මොකද්ද මේ විකාරේ? මේ ප්‍රධාන සැකකරු හනික අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන්න...

:       0       0

liya Sunday, 09 December 2018 10:54 AM

මුළු රටම විනාශ කරගෙන නාමල් පුද්ගලික තරහ පිරිමහනවා. ඉක්මනටම මෙයාව කුඩුවට දාන්න.

:       17       105

bishan Sunday, 09 December 2018 11:14 AM

අධිකරණය ස්වාධීන වී ඇතිනිසා වැරදිකරුවන්ට උපරිම දඬුවම් දිය යුතුයි. අපගේ බදු මුදලින් මේ සදහා මුදල් වියදම් කරන නිසා මෙහි සියලු තොරතුරු මහජනතාවට දැනගැනීමට අයිතියක් ඇත.

:       0       0

සනත් Sunday, 09 December 2018 12:31 PM

පුහු ප්‍රසිද්ධියට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල ගල්පැලෙන බොරු කියන කේස් එකක් අල්ලගෙන පොලිසියත් මොන නාඩගමක් නටනවද මන්දා...?

:       0       0

jagath Sunday, 09 December 2018 12:56 PM

බොරුකියලා තිබ්බොත් ගෝල්පේස් ගෙනැල්ලා ගල්ගහන්න ඕනෑ..

:       0       0

Gamage Sunday, 09 December 2018 01:23 PM

මොහු මේ රඟන නාටකයේ අධ්‍යක්ෂ, නිෂ්පාදක, රචනය සහ සංස්කරණය සොයාගත හැකියි. මට හිතෙන්නේ නම් ඇතුලේ ඉන්න පොලිස් ලොක්කා සහ මොහු මෙහි නළුවන් පමණි.

:       0       0

Gamage Sunday, 09 December 2018 01:23 PM

මොහු මේ රඟන නාටකයේ අධ්‍යක්ෂක, නිෂ්පාදක, රචනය සහ සංස්කරණය සොයාගත හැකියි. මට හිතෙන්නේ නම් ඇතුලේ ඉන්න පොලිස් ලොක්කා සහ මොහු වැනි නළුවන් පමණයි.

:       0       119

Chanak los angeles Sunday, 09 December 2018 10:49 PM

මේ කරන්නේ ප්‍රෝඩාවක් මෙය පිටරටකට අරන් ගිහින් අමතර දෙබස් ඇතුලත් කරලා පලිගන්න ඕනේ පුද්ගලයන්ගෙන් පළිගන්නයි මේ ක්‍රියාකරන්නේ. මේ දුරකථනය යවන තැනකට යවන්න පෙර ඇතුලත්ව තිබුණු දෙබස් වාර්තා ටික කොහේ හරි සටහන් කර තිබෙනවාද ?

:       0       0

uddika Monday, 10 December 2018 08:35 AM

මරු ට්‍රිප් එක.... ඔය වගේ දේවල්වලදී පැමිණිල්ල පරාද වුණොත් ඒ වියදම් සියල්ල අය කරගත යුතුයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 957 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1021 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site