
(තරංග ගුණරත්න)
භූමිතෙල් ප්‍රවාහනය කරන බෘෂර් රථයක් මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගුණරතන විද්‍යාලය අසළදී මාර්ගය හරහා පෙරලිමට ලක් වීමෙන් එහි ප්‍රවාහනය කළ භූමිතෙන් ලීටර් 13.200ක් පමණ ප්‍රමානයක් මාර්ගය දිගේ ගලා ගිය බව ප්‍රදේශාවසිහු පවසති.
ඇතැම් පිරිස් භාජන රැගෙන විත් ඒවා එකතු කළහ.
මාතර අකුරැස්ස මාර්ගය ඔස්සේ බෘෂර් රථය ධාවනය වෙමින් තිබියදී පාලටුව ගුණරත්න විද්‍යාලය අසලදී බෘෂර් රථයේ පිටුපස වමි පැත්තෙ රෝද දෙක පුපුරා යාම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි
මෙහි භූමිතෙල් ලීටර් දහතුන් දහස් දෙසියක් ප්‍රවාහනය කල බව සදහන් කෙසේ නමුත් බෘෂර් රථය අනතුරට පත්වීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් පැමිණ ඉන්ධන රැස් කරන ආකාරය දක්නට ලැබිණි.

COMMENTS
භූමිතෙල් රැස්කරලා මොනවා කරන්නද? දැන් කුප්පි ලාම්පු පත්තු කරන කවුරුත් නෑ... අනෙක් අතට මේ මිනිස්සු කොරෝනා අස්සේ මෙහෙම එකතු වුණාට, නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළාට නඩු පවරන්න පුළුවන්. පුදුම මිනිස්සු... නිකන් දෙනවා නම් කොරෝනාවත් ගන්නවා.
ඔය පාඩුව පිරිමහන්න ඉන්ධන මිල ළඟදීම ඉහළ යයි.
කොරේ පිටට මරේ කිව්වලු.
මේ බව්සර් කාරයොත් එක්ක යන්න රේස් කාර් එකක් ඕන. ඒ තරම් වේගය. මේ රියදුරන් දන්නෙ වීල් එක කරකව කව පාරෙ යාම පමණයි. වාහනයේ ටයර් හුලං බලන්න වත් අවබෝධයක් නැති වගේ. නැත්නම් ටයර් දෙකක්ම පුපුරාවිද?
මිනිස්සුන්ට මීට වඩා වගකීමකින් වැඩ කරන්න ඕන.
දැන් දෙවියෝ ගෙදරටම ගෙනත් දෙනවලු.