(යොහාන් භාසුර)
ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15 ක් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා රුපියල් 1, 000 ක් අඩුවෙන් මිලදී ගතහැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සතොස ඍජු දුරකථන අංක වන 1998 ට ඇමතීම මඟින් මෙම භාණ්ඩ වර්ග 15 මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසා ඇති බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලෝකයේ භාණ්ඩ මිල නිර්ණය කරන රටවල්වල සැපයුම් ජාලය කඩා වැටීමෙන් රටකට ඇති එකම විසඳුම නිෂ්පාදනය ශක්තිමත් කිරීම පමණක් බව ද සඳහන් කළේය.
ලංකා සතොස අළෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයාට සහන ලබාදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.
COMMENTS
".... එකම විසඳුම නිෂ්පාදනය ශක්තිමත් කිරීම පමණක් බව ද සඳහන් කළේය". එතකොට නිෂ්පාදනය වැඩි කරන්නද රසායනික පොහොර තහනම් කළේ? ඔය කතාව ඔයාගේ ලොක්කා එක්ක කියන්නකෝ අනේ...! ඔයාට ලොකු උම්මා එකක් දෙන්නම් පනේ...!!!
සමන්ගේ අදහස නිවැරදියි.. හාල් නැතුව බත් කන්නම් කිව්වා වගේ පොහොර නැතුව වී ගොවිතැන එළවලු වගාව කරලා කොහොමද නිෂ්පාදනය වැඩිකරන්නේ... මංතීරු හැදුවාම නිෂ්පාදනය වැඩිවෙනවාද? එක දවසේ මාර්ග 1500 හැදුවාම නිෂ්පාදනය වැඩි වෙනවද? 2500 කින් හතර දෙනෙකුට මාසයක් කන්න පුළුවන් කියපු ඇදුරුතුමා නිෂ්පාදනය වැඩිකරන ක්‍රමයවත් කියලා දෙන්නකෝ...!!!
ඔය මල්ලේ භාණ්ඩ 15න් පාරිභෝගිකයාට අවශ්‍ය නැති ඒවත් තියෙනවනේ. ඒවා ගෙදර ගෙනිහින් මැල්ලුම් කන්නද?
නිකන්ම නිකන් කටමත් දොඩවන්නෙක් .ගැසට් ගහලා භාණ්ඩ අඩුකරනවා කිව්වා .අන්තිමේදී උනේ තිබුන ටිකත් නැති උන එක .කට ඇරියොත් පොතේ තියන න්‍යාය ධර්මයන් කියවනවා මිසක් ප්‍රායෝගිකව කල හැකි දෙයක් කියවනවා නම් කමක් නැහැ .ශරීරයේ අපද්‍රව්‍ය පිට කල හැකි මාර්ග සියල්ලම එක පාරටම අරිනවා විතරයි
ඔයිට වැඩිය නරකද ආර්තික ඔස්තාර් තුමෝ තණකොළ මිටියකුයි, පුන්නක්කු බාල්දියකුයි දුන්නානම් ?