(හැටන් රංජිත් රාජපක්ෂ)
අලුත උපන් බිළිඳා ගෙවත්තේ වළ දමා මව මියයාම පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ. ස්ට්‍රොස්කි මහතා අද (13) හැටන් පොලිසියට නියෝග කළේය.
හැටන් පොලිස් වසමට අයත් කොටගල යුනිෆිල්ඩ් වත්තේ තේ කර්මාන්ත ශාලාව අසල වතු නිවාසයක පදිංචිව සිටි 39 හැවිරිදි ආර්. වසන්ති කුමාරි නැමති මෙම තිදරු මව මීට දින කිහිපයකට ප්‍රථම තම නිවස තුළදී බිළිඳෙකු බිහිකර ගෙවත්තේම රහසිගතව වළ දමා දැඩි අසාධ්‍යය තත්ත්වයෙන් සිටියදී ප්‍රදේශවාසින් විසින් ඉකුත් (11) දින දික්ඔය මූලික රෝහල වෙත රැගෙන යන අතරතුර කාන්තාව මිය ගොස් ඇත.
මිය ගිය කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශය් රැකියාවක නිරත ව සිටින බවත්, මිය ගිය කාන්තාවට 12 සහ 7 හැවිරිදි ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ අවුරුදු 5ක පිරිමි දරුවකුද සිටින බව හැටන් පොලීසිය පැවසීය.
මියගිය කාන්තාව දරු ප්‍රසුතිය සිදු කරන අවස්ථාවේ දරු තිදෙනා හැර නිවසේ කිසිවෙකුත් නොසිට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන හැටන් පොලිසිය පැවසීය.
මිය ගිය කාන්තාව සම්බන්ධයෙන් මරණ පරික්ෂණය සිදු කිරීමේදි ඇති වු සැකයක් මත මරණ පරික්ෂකවරයා විසින් එම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයක් සිදු කළ යුතු බවට පොලිසියට කරන ලද නියෝගයක් මත හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.
හැටන් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදි මිය ගිය කාන්තාව විසින් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන බිළිඳාගේ සිරුර පොලිසිය විසින් ගොඩගෙන දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරනු ලැබීය.
මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ තැන්පත් කර ඇත.



COMMENTS
මේ වැනි ශෝකදායක ප්‍රවුර්තින් නිතරම ලංකාවෙන් අහන්න ලැබෙනවා. මීට හේතුව දරුවා ලැබුනයින් පසු මවට පිහිටක් නැති නිසයි. ඇමෙරිකවෙ නම් තමාට දරුවා ඇති දැඩි ක්‍රමයක් නැතිනම් ලගම ඇති ගිනි නිවන හමුදා ඒකකයට හෝ කන්‍යාරාමයකට ඒ සඳහා තිබෙන කුටියක තබා යන්න කියලා. එම මවගේ කිසිම දෙයක් අහන්නේ නැ. අවශ්‍ය නැති දරුවන් ලබාගැනීමට දරුවන් නැති අය බලාගෙන ඉන්නවා.
එක වගේම ප්‍රවෘත්ති දෙකක්, අනේ මන්දා මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා.
ගෝත්‍රික ම්ලේච්ඡයෝ ජීවත්වෙන සමාජයක ඔයිට වඩා මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? තමන්ගේ වැඩේ හමාර කරගෙන මාරුවෙන පිම්පි ජීවත් වෙන රටක ගැහැණියකට වෙන මොන තීරණයක් ගන්නද? සමාජයේ බහුතරය බලාගෙන ඉන්නේ වැරදුණු ගැහැණියට ගල්ගසා මරා දමන්නට. සමහර විට ළමයාගේ තාත්තම තමයි පළමු ගල ගහන්නේ...
කරුණාකර අනවශ්‍ය ගැබ් ගෙන ඇති දරුවන් අනවශ්‍ය කාන්තාවන්ට නිර්නාමිකව එම දරුවන් ප්‍රසුත කරන්නත් ප්‍රසුතියෙන් පසු දරුවන් නැති දරුකමට හදාගන්න අවශ්‍ය යුවලවල් වලට එම දරුවන් ලබාදෙන්නත් රජයමගින් අවශ්‍ය පහසුකම් සලස්වන්න , දැන් බලන්න අසරණ දරුවා මැරිලා , අම්ම අනිවාර්යයෙන්ම හිරේ යනවා , ළමුන් නැති මිනිස්සු රටේ ඕනෑතරම් ඉන්නවා හුල්ල හුල්ල