(ටී.කේ.ජී.කපිල )
මැදපෙරදිග බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (5) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් යානයෙන් පැමිණි වැඩි පිරිසක් එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු වාර්තා වේ .
බහරේන් රාජ්‍යයේ මනමා ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 202 දරන විශේෂ ගුවන් යානය අද (5) දින අලුයම 6.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඊට අමතරව 7/04 දින රාත්‍රී 11.45 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා සිට 7/05 අලුයම 1.45 ට , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. - 668 දරන ගුවන් යානයෙන් ද තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි සියලු ශ්‍රී ලාංකික මගීන් ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරිණි.
COMMENTS
වැඩිම පිරිසක් ඉන්න සෞදි අරාබියට ගුවන් යානා එවන්නේ නැත්තේ ඇයි.
විදෙස් ශ්‍රමිකයන් අනිවාර්යෙන් ලංකාවට ගෙනත් වසා තිබෙන සංචාරක හෝටල් හරහා නිරෝධානය කිරීමෙන් මේ අවස්ථාවේදී අනිවාර්යෙන්ම කලයුතු දෙයක්.