IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


බෙහෙත් මිල වැඩි කරන්න අවසර

(සුජිත් හේවාජුලිගේ )

ඩොලරයේ අගයට සමානුපාතිකව ඖෂධ මිල සාධාරණ ලෙස ඉහළ දැමීමට අවසර දුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

මේ අනුව ඖෂධ සැපයීමේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කිරීමට ඖෂධ නිෂ්පාදන සහ බෙදා හැරීම්  සමාගම්  එකඟවූ බවද  ඔහු ප්‍රකාශ කළේය.

ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීමේ  සමාගම් සතුව  මාස හතරකට ප්‍රමාණවත් ඖෂධ පවතින බව ඒ  සමාගම් දැන්වූයේ යැයිද  රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

ඖෂධ  නිෂ්පාදන  හා බෙදාහැරීමේ  සමාගම්වල  නියෝජිතයන් හා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතර විශේෂ හමුවක් ඊයේ පැවැත්විණ.

එම නියෝජිතයන්  මෙහෙයුම් කටයුතු  ආරම්භ කිරීමට එකඟත්වයට පැමිණියේ එම සාකච්ඡාවේදීය.

රටේ කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවන බවට තමා සහතික වන්නේ යැයි  ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (4)

බෙහෙත් මිල වැඩි කරන්න අවසර

Kumara Thursday, 10 March 2022 10:33 PM

අනේ ඔව් මචන්, අපිට තවම අඩු ෆාමසි පෝලිම විතරයි. ඒකත් හදලා දුන්නා නම් එළකිරිම තමයි.

:       0       0

රූපිකා Friday, 11 March 2022 06:06 AM

රටේ ජනතාවගේ ආදායම් වැඩිකරන්න ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න බැරිද? එහෙම නොකර මෙහෙම හැම දෙයක්ම වැඩිකළාම අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්න. අපි වියතුන් විශ්වාස කළේ ඒවාට මිසක් අත්‍යාවශ්‍යම දේවල් වැඩිකරන්න නොවෙයි...!

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Friday, 11 March 2022 07:20 AM

එතකොට දැනට සමාගම් සතුව තිබෙන බෙහෙත් පැරණි මිලටම ජනතාවට ලබාදීමට කටයුතු කළේ නැහැ නේද? එසේ නම්, අඩු මිලට ගෙන ආ බෙහෙත් වැඩිවූ මිලට විකිණීම අසාධාරණයි නේද? සමාගම් මේ ලබන අයුතු ලාභය ගැන කතා නොකරන්නේ මන්ද?

:       0       2

saman Friday, 11 March 2022 01:10 PM

ඔහොම අනුකම්පාවක් නැතිව ඔක්කොම වැඩිකරලා... මිනිස්සුන්ගේ අතට සල්ලි එන විදිහක් තිබේද? දුප්පතුන් නැති කරන්නද යන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 583 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site