
(ක.ග.කරුණාරත්න)
දිස්ත‍්‍රික්ක කිහිපයක වෛද්‍යවරුන් අද දින ආරම්භ කළ වැඩ වර්ජනයට සමගාමීව පොලොන්නරුව දිස්ත‍්‍රික් මහ රෝහලේද වෛද්‍යවරුන් වර්ජනයට එක්ව සිටිම හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා පැමිණි රෝගීහු ප‍්‍රතිකාර නොලැබ හිස් අතින්ම ආපසු සිය නිවෙස් බලා ගියහ.
සෞඛ්‍ය අමාත්‍යංශය පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු ප‍්‍රකාශයට පත් කිරීම ස්ථාන මාරු මණ්ඩල අනුමැතියෙන් තොරව කිරීමට විරෝධය පළකරමින් මෙම වෛද්‍ය වැඩ වර්ජනය සංවිධානයකර තිබිණි.
මෙම හේතුවෙන් පොලොන්නරුව මහ රෝහලේ බාහිර රෝගීන්ගේ ප‍්‍රතිකාර අංශයෙන් ප‍්‍රතිකාර ගැනීමට සහ පැවැත්වීමට නියමිතව තිබූ විශේෂඥ වෛද්‍ය සායන සඳහා සහභාගීවීමට පැමිණි රෝගීහු 4000කට ආසන්න පිරිසකට ප‍්‍රතිකාර ලබාගැනීමට නොහැකිවූ බව වාර්තා වෙයි
+


COMMENTS
මේ ආණ්ඩුවට රට කරන්න බෑ... සර් ෆේල්...!!!
කවදා හරි දවසක බලයට පත්වන ආණ්ඩුවක් පළමුව කළ යුත්තේ මේ රටේ වැඩ වර්ජන නීතියෙන් තහනම් කිරීමයි. නැත්නම් කිසිම ආණ්ඩුවකට මේ රට කිසිම දවසක ගොඩදාන්න බෑ. මේක මහා විනාශයක්...