IMG-LOGO

බහුතරය පෙන්වීමේ වගකීමක් රජයට නෑ - මහින්ද සමරසිංහ

(ඩයනා උදයංගනී)
 
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ වගකීම ඇත්තේ ඒ ගැන අභියෝග කරන එක්සත් ජාතික පක්‍ෂයට මිස රජයේ පාර්ශ්වයට නොවන බව සම කැබිනට් ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසීය.
 
එබැවින් බහුතරය ගැන කලබලවීමේ අවශ්‍යතාවක් රජයට නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
 
මේ වන විට කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 බැගින් පත්කර සිටින බව කී ඇමතිවරයා ඉතිරි අමාත්‍යවරුන් පත්කිරීමේ කටයුතු  පාර්ලිමේන්තුව රැස්කෙරෙන මෙම මස 14 වැනිදාට පෙර අවසන් කරන බව ද ප‍්‍රකාශ කළේය.
 
මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. 
 
නව රජයට බහුතරය සිටින නමුත් පාර්ලිමේන්තුවට ගොස් බහුතරය පෙන්වීමේ අවශ්‍යතාවක් නැතැයි කී ඇමතිවරයා විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් බහුතරය පෙන්විය යුත්තේ එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු කණ්ඩායම බව ද සඳහන් කළේය.
 
අමාත්‍යධූර සඳහා විෂයයන් වෙන්කර සුදුස්සන් පත්කිරීමට කාලය අවශ්‍ය බව ද ඇමතිවරයා කීවේය.
මෙහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ නව රජයට 118 ට එහා ගිය මන්ත‍්‍රී ආසන සංඛ්‍යාවක් හිමි බවයි.
 
අමාත්‍යවරුන් පත්කර ගැනීම සඳහා මෙම මස 14 වැනිදා වන තුරු කාලය තිබෙන බව කී රඹුක්වැල්ල මහතා රට තුළ අරාජිත තත්ත්වයක් ඇති කර තිබෙන්නේ රජය නොව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු අරලියගහ මන්දිරයේ කණ්ඩායම බව ද කීවේය.



අදහස් (16)

බහුතරය පෙන්වීමේ වගකීමක් රජයට නෑ - මහින්ද සමරසිංහ

sandy123 Wednesday, 07 November 2018 12:39 PM

ඒ කියන්නේ බහුතරය නැහැ කියලනේ. පාර්ලිමේන්තුව මෙන්න කියලා බලාගෙන හිදිවී. දවල් හීන.

:       251       439

seelawathiWednesday, 07 November 2018 02:50 PM

මේ මොහොතේ චන්දයක් පැවැත්වුවානම් දැන ගන්න පුළුවන් වැඩිම ආසන ප්‍රමාණයක් දිනන්නේ කවුද කියල.

:       271       239

sandy123Wednesday, 07 November 2018 03:11 PM

ඔබතුමිය දරා ගන්නවානේ ඡන්දයකට යන මුළු මුදලම? එහෙමනම් යමු. දේශපාලකයෝ කරන කරන වැඩ වලට ඡන්ද තිබ්බොත් රටම ඉවරයි.

:       4       61

sandy123Wednesday, 07 November 2018 03:15 PM

අපි කියමු අවරුදු දෙකෙන් දෙකටඡන්ද තියන්න පුළුවන් විදිහට ව්‍යවස්ථාව මාරු කරන්න කියලා. එතකොට මෙහෙම ප්‍රශ්න පැන නගින්නේ නැහැ.

:       2       26

silvaWednesday, 07 November 2018 04:31 PM

එක වැඩක් නිසා මුළු රටක් ඡන්දයකට යා යුතුයි සිතන්නේ මෝඩයෝ... ඡන්දයක් වෙනුවෙන් කෝටි ගණනක් වැයවෙන අතර එයට කරගැහීමට වෙන්නෙත් අපිටමයි. 2020 වෙනකම් මේ 225 ට ඉදිරියට යන්න පැහැදිලි ජනවරමක් තියෙනවා

:       43       149

Chandana - Australia Wednesday, 07 November 2018 12:57 PM

කට්ටියට බහුතරය පෙන්වන්න බැරි බව දැන්මම තේරිලා වගේ

:       131       460

sirimal Wednesday, 07 November 2018 01:02 PM

බහුතරය නැතුවා වගේ කතා කරන්නේ මොකද ?

:       65       198

Saman Wednesday, 07 November 2018 01:46 PM

ඔන්න බයවෙලා

:       82       216

RohanWednesday, 07 November 2018 02:55 PM

මහින්ද සහ මෛත්‍රී දන්නවා ඊළඟ ඡන්දය දිනන්න පුළුවන් කියලා. එම නිසා තමයි ඔය විදියට ක්‍රියා කරන්නේ.

:       168       11

sandy123 Wednesday, 07 November 2018 02:14 PM

රට යන දිශාව හිතා ගන්න බැහැ. ඒකාධිපතිවාදය ඉහලින්ම ඉස්මතු වෙනවා.

:       151       378

weerakoon Wednesday, 07 November 2018 02:30 PM

බහුතරය පෙන්වීමේ වගකීමක් පමණක් නොවෙ රජයට කිසිම වගකීමක් නැති බව පේනවා.

:       123       354

chandana Wednesday, 07 November 2018 02:37 PM

දැන් 5 වෙනිදා කොළඹට සෙනග අද්දලා වැස්සේ තෙමිලා ජන ජීවිතය අඩාල කරලා කිව්වේ 113 හරි අපි බය නැහැ කියලනේ. මේ දෙගොල්ලම එකයි. මේකට හරි විකල්ප බලවේගයක් අවශ්‍යයි ඉක්මනින්ම

:       209       540

Nandana Wednesday, 07 November 2018 02:51 PM

යමු මහා ඡන්දයකට.

:       6       162

rocky Thursday, 08 November 2018 01:42 AM

මහා ඡන්දෙ තියන්න ව්‍යවස්ථාවේ හැටියට දැන්මම බැහැ. ඒත් ඉතින් සාක්ෂරතාවක් නැති අයට ව්‍යවස්ථාවෙන් පලක් නැහැනේ. මහා ඡන්දෙකට ගියත් මහින්දට දිනන්න බැහැ.

:       0       14

BamunuarachchiThursday, 08 November 2018 10:17 AM

දවල්ද? මහින්දට චන්දය නොදෙන සිංහලයෙක් නැත.

:       0       0

Saman Thursday, 08 November 2018 01:50 AM

එහෙනම් අපිද පෙන්නන්න ඕන ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 31 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2165 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 672 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site