(සුනිමල් හේවගේ)
හබරන පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව දේවාල හන්දිය 39 කණුව ආසන්නයේදී අද (23) මෝටර් රථයක් සහ බස් රථයක් ගැටී දෙදෙනෙකු මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පැවසීය.
පොලොන්නරුවේ සිට අනුරාධපුර බලා ධාවනය වූ මෝටර් රථයක් සහ පොලොන්නරුව දෙසට ගමන්ගත් බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කීය.
අනතුරින් මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන්ගත් අනුරාධපුර ස්වර්නපාලි බාලිකා විද්‍යාලයේ ගුරුවරියක වන පුන්‍යකාන්ති දිසානායක නැමැති 53 හැවිරිද කාන්තාවක් සහ ඇයගේ පුතා වන මනුජය තෙන්නකෝන් නැමැති 25 හැවිරිදි යන දෙදෙනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd