(මහින්ද නිශ්ශංක )
බස්ගාස්තු 2% කින් අඩු කිරීමට පෞද්ගලික බස් හිමියෝ අද (07) තීරණය කළහ.
අනිද්දා (09) සිට මෙම බස් ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කෙරෙන බව සමස්ථ ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංවිධායක සුමනදාස ගමගේ මහතා පැවසීය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයින් අතර අද ( 7) පැවති සාකච්ඡාවකදී ගමගේ මහතා මේ බව පැවසීය.
මෙහිදී අවම බස් ගාස්තුව වන රුපියල් 12 අඩු වීමක් සිදු නොවේ.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
බස් ගාස්තු අඩු කිරීමට පියවර
thushara Wednesday, 07 November 2018 09:41 AM
මගේ 25 ටිකට් එකට සත 50ක් අඩුවෙනවා .
Pablo Wednesday, 07 November 2018 09:44 AM
හම්මෝ ලොකු ගාණක් අඩු කරලා. අඩු කරපු 2% න් ටොෆී කන්න ඇහැකි ..
Darshana Wednesday, 07 November 2018 11:38 AM
විහිළුවක්! රුපියල් 50 ටිකට් එකක් රුපියලකින් අඩු වෙනවලු (2%)
Sisira Wednesday, 07 November 2018 02:04 PM
පුදුම ගාස්තු අඩු කිරීමක් 2%. රු. 12~රු12යි . රු 20~රු 18.60යි. රු. 100 ~ රු 98යි . මගීන්ට පුදුම සහනයක්.
sandy123 Wednesday, 07 November 2018 02:41 PM
සමාවෙන්න රුපියල් 100ට රුපියල් 2ක් දෙන්න ඉතුරු නැහැ. දැන් සනීපද?
sandy123Wednesday, 07 November 2018 03:24 PM
මේකට තමා කියන්නේ ඔලුව අතගාල ටොකු අනිනවා කියලා.
prabath Thursday, 08 November 2018 04:26 AM
බොරු රැවටීමක්. අඩු කරනවා නම් රු. 5 ක් වත් අඩු කරන්න.
Bamunuarachchi Thursday, 08 November 2018 04:48 AM
බලාගෙන ඔහොම අඩුකොරන්න ගියොත් බස් සේවය කඩාවැටෙයි.
Bamunuarachchi Thursday, 08 November 2018 04:50 AM
රුපියල් සීයට දෙකක් අඩුකරන්නේ රුපියල් 20 දුන්නම ඉතුරු රුපියල නොදෙන කොට.?
Ratna Thursday, 08 November 2018 01:45 PM
ඇඹිලිපිටිය සහ අවට ප්‍රදේශ වල කෙටි දුර ධාවන (කි.මී. 100 ට අඩු) සඳහා ඇති බස් වල බස් ගාස්තු අධික ලෙස අය කිරීමට හේතුව කුමක් ද ? එය අනෙකුත් ප්‍රදේශ වල බස් ගාස්තු වලට සාපේක්‍ෂව සැලකු විට 25% - 50% පමණ දක්වා ඉහල අගයක් ගනී. අනෙකුත් ප්‍රදේශ වල මට්ටමටම මෙය සංශෝධනය කිරීම සිදු විය යුතුය.