(දසුන් රාජපක්ෂ)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධවලට සම්බන්ධ රැඳවියන් 15 දෙනෙකු ඊයේ (25) රාත්‍රියේ සිට ආහාර ප්‍රතික්ෂේප කරමින් වර්ජනයක් ආරම්භ කර තිබේ.
තනි තනිව රඳවා සිටින මෙම රැඳවියන්ට පිටත රැඳී සිටීමට ලබාදෙන කාලය වැඩි කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එච්.ටී. උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
මෙම අපරාධකරුවන්ට පිටත රැඳී සිටීමට මේ වන විට පැය දෙකක කාලයක් ව්‍යායාම කිරීම සඳහා ලබාදෙන අතර අනිකුත් රැඳවියන් මුණ නොගැසෙන ආකාරයට එම කටයුතු සිදු කරන බවද ඒ මහතා කීය.
කෙසේ වෙතත් මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්විය නොහැකි බවද ඔහු කියා සිටියේය.

COMMENTS
අනේ මේ... කුරා කූඹියෙකුටවත් වරදක් නොකරපු මේ අහිංසකයන්ව කූඩු කරලා මහජනතාවගේ බදු මුදල්වලින් සැපසම්පත් දෙමින් තවතවත් මුදල් නැති නොකර මේ අය මරාදැමීම සාමකාමී සමාජයට සෙතක් නොවේද? දැන් මේ අහිංසකයින්ගේ වර්ජනයට "ඩොලර්වලින් ජීවිකාව ගෙවමින් මුළුරටම පාවාදෙන NGO ටකරන් මඩු හිඟන්නන්" උඩ පැනපැන කෑමොර දෙයි නේද? අර හිමිකම් මේ හිමිකම් කඩකරනවා කියමින්.. මෙම අදහස් නිවට NGO කාරයින්ට කියවීමට හැකිවේවා !!!
බොහෝම හොඳයි. බන්ධනාගාරයේ වියදම අඩුකරන්න සහාය දෙනවට...මාසයක් වත් හිටපුදෙන් ගණන් ගන්න එපා..
උපුල්දෙනිය මහතාණෙනි, කිසිඳු බුරුලක් මේ අපරාධකරුවන් හට ලබා නොදෙන්න. ජංගම දුරකථන, සීම් කාඩ් ඇතුළු පහසුකම් නැති නිසා ගෝලබාලයන් හසුරවන්න, කුඩු බිස්නස් කරන්න, මිනීමැරුම් කරවන්න ආදී දේ බැහැනේ.. එ්කයි මේ දුක... ඔන්න ඔහේ හිරාහාරව හිටපුදෙන්.. දිගටම ඉන්නේ නැහැ.. ඔය ලොකුවට පුම්බං හිටියට තමන්ගේ පණට හරි ආසයි.. දිගටම නොකා හිටියොත්, වැඩේ ඉවරයක්ම වෙයි. ඒ කියන්නේ තමන්ගේ දිවි තමන්ම හානි කරගත්තොත් ඒකට කව්රුවත් පළි නැහැ. එහෙම වුනොත්, රටට මොනතරම් හොඳ යහපතක්ද..?
ඔහොම්මම ඔය අපරාධ කරපු කාලකන්නි ටික මක බෑවිලා යනවා නම් ඒක මේ මුලු රටටම කරන යහපතක්. පැය දෙකක් නෙමෙයි විනාඩි 10 කටවත් එළියට දාන්න එපා. ඉස්කෝලවලට යන පොඩි එවුන්ව කූඩුවලට පුරුදු කරලා ඒ පොඩි එවුන්ව හොර තක්කඩි කරන මේ පාහරයින්ව පුලුවන් නම් ආයුධ පෙන්නන්න එක්ක යන්න. ඒකට මේ රටේ සාමාන්‍ය ජනතාව පොඩ්ඩක්වත් විරුද්ධ නැහැ.
උපවාස කරලා මැරෙන්න ඕනෑ නම් මැරෙන්න අරින්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. කරුණාකර කුඩු මුදලාලිට උසාවියෙන් දීලා තිබෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න.
මොකද අපි බලෙන් කවන්නද? කන්න බැරිනම් මැරෙන්න කියලා නිකන් ඉන්න. මොකද රටට තියාගන්න ඕනේ මිනිසුන් කොටසක් නොවෙයි. නැති තරමට හොඳයි.